පෙම්වතා යැයි කියන 17 හැවිරිදි තරුණයෙකුගේ පිහි ඇනුමකින් බරපතළ තුවාල ලැබූ කන්තලේ, අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවියක් ඊයේ (04) මිය ගොස් තිබේ.
ඝාතනයට ලක්වූ සිසුවිය පිහි ඇණුමට ලක්වී ඇත්තේ සිය නිවසේ සිටියදීය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් 17 හැවිරිදි තරුණයා මෙම දැරියගේ පෙම්වතා බව හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.
පිහි ඇනුම සිදුවන අවස්ථාවේ දැරියගේ මව ද නිවසේ සිට ඇත. නිවසේ සැඟවී සිට ඇති තරුණයා මෙම පිහි ඇණුම සිදු කර ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
පිහි අනුමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ දැරිය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (4) මියගොස් තිබේ.
අත්අඩංගුවට ගත් තරුණයා කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.







