සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳ චෝදනා ලද හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි!

by editor
ජූලි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බුද්ධි තොරතුරු තිබිය දී  පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධව ප්‍රධාන චෝදනාවකට ලක්වන එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, වත්මන්  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) – නිලන්ත ජයවර්ධන   විධිමත් විනය පරීක්ෂණය අවසන් වන තෙක් අනිවාර්ය නිවාඩු ගැන්වීම සදහා ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිත පාර්ශවයන් විසින් ගොනු කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ මුලික අයිතිවාසිකම් අයදුම්පත් අංක 163/2019, 165/2019, 166/2019, 184/2019. 188/2019, 191/2019, 193/2019, 195/2019, 196/2019, 197/2019, 198/2019, ໙໙ 293/2019 අයිතිවාසිකම් නඩුවලට අදාලව   ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023 ජනවාරි 12 වන දින ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දුව මඟින් එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන   සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලබාදී ඇති තීන්දුව ප්‍රකාරව මූලික විමර්ශනයක් සිදු කර, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අද (17 දා) ඔහු වෙත චෝදනා පත්‍රයක් නිකුත් කර ඇත.

එම චෝදනා පත්‍රය සම්බන්ධයෙන් ඔහු විසින් මාර්තු මස 12 දිනැතිව පිළිතුරු ඉදිරිපත් කළ  අතර මාර්තු මස 21 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේදී විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී. එම විධිමත් විනය පරීක්ෂණයේ මූලික කටයුතු ඉකුත් ජූලි මස 01 දින ආරම්භ කර ඇත.

මේ වන විට නිලන්ත ජයවර්ධන   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වශයෙන් රාජකාරී සිදු කරන බැවින්, මෙම විධිමත් විනය පරීක්ෂණය සඳහා සාක්ෂි ලබා දීමට පැමිණෙන සාක්ෂිකරුවන්ට බලපෑමක් සිදු වී විධිමත් විනය පරීක්ෂණයට අගතියක් විය හැකි බව ජාතික පොලිස් කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි.

එබැවින් ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වන පරිච්ජේදයේ 31:16 වගන්තිය ප්‍රකාරව විධිමත් විනය ක්‍රියා පටිපාටියේ යහපත තකා, ඔහු තවදුරටත් නිල කාර්යයන්හි නියුක්ත නොවිය යුතු තත්ත්වයේ සිටින බැවින් විධිමත් විනය පරීක්ෂණය අවසන් වන තෙක්, ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි අද (18 දා) දින සිට අනිවාර්ය නිවාඩු ගැන්වීමට අද දින රැස් වූ ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දුමින්ද ජයතිලක ප්‍රංශයට පැන්නේ පාතාල තර්ජන නිසා නෙමෙයි… මානව හිමිකම් නඩුවකින් බේරෙන්න… විමර්ශන අංශ හෙළි කරයි.

Next Post

ජවිපෙ බලය සහිත අකුරැස්ස සමුකාරය ලාභයෙන් කෝටි 17ක වෙන්කර මහල් 5ක රෝහලක් හදන්න මුල් ගල තියයි…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.