බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම 344 යි… ඔවුන් අපේ ක්‍රීඩා ලෝලීන්ට බලාපොරොත්තු ඇති කරයි…

by editor
ඔක්තෝබර් 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් දිය හැකි ඉහළ තැනකට කණ්ඩායම ඔසවා තබා ඇත.  ලකුණු 344කි. එය අපූරුය. කුසල් මෙන්ඩිස් නැවතත් පිටිය වර්ණවත් කළේය. ඔහු ශතකය ලබා ගත්තේ පන්දු 65ක් තුළය. සධීරත් මනරම් ශකතයක් ලැබුවේය. එය අන්තර්ජාතික එක්දින තරගයක දී ඔහු ලබා ගන්නා   මංගල ශතකය ය.

සධීර සමරවික්‍රම ශතකය ලබා ගත් අවස්ථාව…

අත්දැකීමවලින් බර නිසා කණ්ඩායමට එක් කළ කුසල් ජනිත් මේ තරගයේ දීත් ෆේල්ය. ඔහු ලකුණු නොලබා දැවී යන්නේය. මුහුණ දෙන්නේ පන්දු 03කට පමණි. උරහිසේ ආබාධයෙන් පුහුණු තරගයේ දී ඉවත් වූ අවස්ථාවේ සිට ඔහු ක්‍රීඩා කරන්නේ  මානසික ඒකාග්‍රතාවයක් රහිත තමන් ගැනම විශ්වාසයක් නැති ක්‍රීඩකයෙක් ලෙසය.

එහෙත් ශ්‍රි ලංකා කණ්ඩායම වර්ණවත් පිතිකරණය නිරත වූයේය. කුසල් පෙරේරා ලකුණු නොලබා දැවී යනවිට  ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක  පන්දු 61ක දී හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් සමග   ලකුණු 51 ලැබුවේය.

මේ තරගයේ ශ්‍රී ලංකා ඉනිම අතිශයින්ම වර්ණ ගැන්වූ ක්‍රීඩකයා යළිත් කුසල් මෙන්ඩිස්ය. ඔහු පන්දු 77ක් තුළ හතරේ පහර 14ක් සහ හයේ පහර 06ක් සමගින්    ලකුණු 122ක් ලැබුවේය. කුසල් ශතකය ලබා ගත්තේ පන්දු 65ක දී ය. ඒ දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනි.  ලෝක කුසලාන තරගාවලියක දී මෙතෙක් ශ්‍රී ලංකා පිතිකරුවෙක් වාර්තා කළ වේගවත්ම ශතකය මෙයය.  කුසල් හා පැතුම් ලකුණු 102ක සම්බන්ධතාවයක් දෙවැනි කඩුල්ල වෙනුවේන ගොඩනැගූහ.

කුසල්ගේ ප්‍රහාරය හමුවේ පීඩාවට පත් රිස්වාන්….

අනතුරුව කුසල් සමග එක්  වන්නේ සධීරය. කුසල් සහ සධීර තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 කම්බන්ධතාවයක් ගොඩනැගූහ. තුන්වන කඩුල්ල බිඳී යන්නේ ලකුණු 218 දීය  ඒ කුසල් මෙන්ඩිස්ය. කුසල් එල්ල කළ පහර අසීරු උඩපන්දුවක් ලෙස ඉමාම් උල් හක් විසින් රැක ගත්තේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මෙවැනි තරගයක උඩ පන්දුවක් අතහැරීම යනු තරගයක් අත හැරීමක් වැනිය. අද කුසල් මෙන්ඩිස්ගේ උඩ පන්දුවක් ඉමාම් උල් හක් විසින් අතහැරියේය. ඒ අතහැරීම අවසානයේ නැවතුනේ ලකුණු 122කිනි.

අනතුරුව සධීර සමරවික්‍රම එක් අන්තයක් රැකගැනීමේ වගකීම ගත්තේය. ඔහු ඉවසීමෙන් මෙන්ම අතිශය විශ්වාසයෙන් යුතුව පන්දුවට පහර දුන්නේය. ඔහු පන්දු 89ක දී ලකුණු 108ක් ලැබුවේය.

ධනංජය ද සිල්වා ලකුණු 25කි. දසුන්ට යළිත් රිද්මය මගහැරුණේය. ඔහු ලකුණු 12කි. ඒ පන්දු 18ක් තුළය.  දුනිත් වෙල්ලාලගේ තරගයේ අවසන් පන්දුවේ දී පන්දුව පිටියෙන් එළියට යොමු කරන්නට ගොස් උඩපන්දුවකින් දැවී යන විට පන්දු 08ක දී ලකුණු 10ක් රැස් කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දු ඕවර කීපයේ දී බිඳ නොවැටෙන්නට ලකුණු 350 සීමාව ඉක්මවීමේ උපරිම අවස්ථාව තිබිණි. අන්තර්ජාතික විචාරකයන්ට අනුව එක් අවස්ථාවක ලංකාව ලකුණු 365ක් ලබා ගත හැකි තැනක සිටියේය. හසන් අලි ලකුණු 71කට කඩුළු 07ක් ලැබුවේය.

හසන් අලි කඩුළු 04යි…

කෙසේ වෙතත් මේ පිතිකරණයට උචිත තණ තීරුව තුළ  තරගයක් දිය හැකි ලකුණු ගණනක් සහිතව ශ්‍රී ලංකාව සිය ඉනිම නිමා කර ඇත.

එය අපූරු බව ලියා තබමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගවයින් වාහනවල ගැටීමෙන් වව්නියාවේ සිදුවූ 2වන මාරක අනතුරත් වාර්තා වේ.. පැය 24ක් තුළ මරණ 03යි… තුවාලකරුවන් 10 යි…

Next Post

අවුරුදු 32ක නඩු විභාගයෙන් පසු  කළුතර 3 ක් එල්ලුම් ගස්!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.