බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරගය උණුසුම්… ශ්‍රී ලංකාව ලකුණු 21කින් දිනුම්…

by editor
සැප්තැම්බර් 9, 2023 - Updated on සැප්තැම්බර් 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජයග්‍රහණය දෙපාර්ශවයටම දෝලනය වෙමින් පැවති  උණුසුම් තරගයකින් අනතුරුව බංගලාදේශ කණ්ඩායම පරදවා  ලකුණු 21ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් වූයේය.

ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම  පන්දු ඕවර 48.1ක් තුළ ලකුණු  236කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

අද  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වූයේ  අසියානු කුසලාන තරගාවලියේ සුපිරි වටයේ දෙවැනි තරගය ය.  පළමු තරගය ලාහෝරයේ දී පකිස්ථානය හා බංගලාදේශය අතර පැවැත්විනි. එහිදී  පකිස්ථානය බංගලාදේශය පරදවා කඩුළු 07ක දැවැන්ත ජයග්‍රහණයක් අත් කරගත්තේය.

පළමු වටයේ තරගයක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යාන්තර ක්‍රීඩාංගන්යේ පැවති බංගලාදේශ – ශ්‍රී ලංකා තරගයෙන් කඩුළු 05ක ජයක් ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ මුණ ගැසුන දෙවැනි අවස්ථාවය. ආසියානු කුසලාන තරගාවලියේ  ශ්‍රී ලංකාවෙහි පැවත්වෙන පළමු  තරගය ලෙස මෙම තරගය පැවැත්විනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ශ්‍රී ලංකා ඉනිම –

කුසල් මෙන්ඩිස්…

කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පරහරදීමට ආරාධනා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු පන්දු ඕවර 50 තුළ කඩුළු 09ක් දැවී ලකුණු 258ක් රැස් කළේය.

ශ්‍රී ලංකා ඉනිම මුලුමනින්ම කේන්ද්‍ර වූයේ සධීරගේ විශ්වාසනීය වර්ණවත් පිතිරණය වටයා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක  හොඳ ආරම්භයක් ලබා දෙනු ඇතියි විශ්වාස කළ ද  දිමුත් ලකුණු 18කට දැවී ගියේය. ඊට හතරේ පහර 03ක් ඇතුළත් විය. දිමුත් දැවී යනවිට මුළු  ලකුණු ගණන 34කි.

ඉන් අනතුරුව පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් අතර ලකුණු 74ක සම්බන්ධතාවයක් ගොඩනැගුනේය.  කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ලැබුවේය.

දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 40කට පැතුම් නිශ්ශංක දැවී ගියත් ඔහු විශ්වාසයෙන් පන්දුවට පහර දුන්නේය. නමුත් කුසල් මෙන්ඩිස් අද ලබා ගත්තේ වාසනාවත් සමග පැමිණි ලකුණු 50කි. ඔහු ලබා දුන් උඩපන්දු දෙකක් බංගලාදේශ ක්‍රීඩකයන් අතින් ගිලිහී ගියේය.

චරිත් අසලංකට මෙන්ම ධනංජයද සිල්වා ද පිත්ත හැසිරවූයේ විශ්වාසයකින් තොරවය.  චරිත් ලකුණු 10කටත්, ධනංජය ලකුනු 06කටත් දැවී ගියේය.

සධීරගේ පිතිකරණය –

ඉනිම ගොඩනැගූ සධීර….

මේ සියලු දෙනා අපේක්ෂා බිඳ දමමින් ක්‍රීඩාගාරයට යන විට සධීර එක් අන්තයක් ආරක්ෂා කරගෙන අපූරු රිද්මයකින් පිතිකරණයේ යෙදුනේය. එය මේ යැයි අඩුවක් කියන්නට නොහැකි වික්‍රමයකි. සධීර අවසන් පන්දුව වනතුරු ක්‍රීඩා කර අවසන් පන්දුවේ දී ලකුණු හයක් ලබා ගැනීමට දැරූ තියුණු උත්සාහයක් හතරේ සීමාව අසලදී උඩ පන්දුවක් බවට පත් කරගන්නට  අතිරේක ක්‍රීඩක අෆීට් හොසයින් සමත් වූයේය.

නායක දසුන් ශානක ලකුනු 24ක් ලබාගෙන දැවී ගියේ සුපුරුදු පිතිකරණ රිද්මයේ අහලකටවත් නොපැමිණය. ඔහු ලකුණු 24ක් පන්දු 32ක දි ලබා ගත්තේය. ඉතාම දුර්වල  ලෙස රිවස් ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් පිටතින් යන පන්දුවක් ඔහු කඩුල්ල තුළට දමාගෙන දැවී ගියේය.

සධීර සමරවික්‍රම අවසන් පන්දුවේදී දැවී යන විට ඔහු පන්දු 72ක් තුළ ලකුණු 93ක් ලබා  ලබාගෙන සිටියේය. ඊට හතරේ පහර 06ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය.

පන්දු යැවීමේ දී  ටස්කින් අහමඩ්  ලකුණු 62ට කඩළු 03ක්, හසන් මහ්මුද් ලකුණු 57ට කඩුළු 03ක්, ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 48ට කඩුළු 02ක්, නසුම් අහමඩ් ලකුනු 31ට කඩුල්ලක් ලැබුවේය.

බංගලාදේශයේ ප්‍රති උත්තරය –

ටොව්හිද් හිඩ්‍රොයි  පන්දු 97ක් තුළ හතරේ පහර 07ක් සහ හයේ පහරක් සමග ලකුණු 82ක් රැස් කළේය

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුවල බලාපොරොත්තු සහගත සම්බන්ධයක් ගොඩනගන්නට වූහ. මොහොමඩ් නයිම් සහ ආරම්භක පිතිකරුවෙක් ලෙස උසස්වීමක් ලද මෙහිදි හසන් මිරාස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක සම්බන්ධතාවයක්  පන්දු ඕවර 11 ක් තුළ ගොඩනැගූහ. එහෙත් නායක දසුන් ශානක පන්දු යවමින් එම සම්බන්ධතාවය බිඳ හෙළුවේය. මිඩ් විටකට් හි පන්දු රැකි අතිරේක ක්‍රීඩක දුෂාන් හේමන්ත  දසුන්ගේ පන්දු හමුවේ රැකගත් උඩපන්දුවක්  නිසා ආරම්භක පිතිකරු මේදි හසන් මිරාස් ලකුණු 28ට  දැවී ගියේය.

දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 60 දී අනෙක් ආරම්භක පිතිකරු මොහොමඩ් නයිම් ගේ කඩුල්ල ලබා ගැනීමට දසුන්ට හැකි විය.

බංගලාදේශ කණ්ඩායම ලකුණු 83ක් වනවිට කඩුළු 04ක් බිඳ වැටී අසීරු අඩියකට පත් වී තිබිණි. ඒ අවස්ථාවේ දී  කඩුළු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම්ට එක්වුන ටොව්හිද් හිඩ්‍රොයි කදිම සම්බන්ධතාවයක් ගොඩනගමින් බංගලාදේශයට ජයග්‍රහණය කළ හැකි යැයි හැඟෙ සංඥාව කරා රැගෙන ආවේය.  දෙදෙනා අතර ඇති වුන සම්බන්ධය ලකුණු 72කි. නමුත් මේ සම්බන්ධතාවය බිඳ හෙළමින් ලකුණු 21කට මුෂ්ෆිකර් රහීම් දවා ගැනීමට දසුන් ශානක සමත් වූයේය.

බංගලාදේශ වෙනුවෛන් විශිෂ්ට පිතිකරණයක නිරතවූ  ටොව්හිද් හිඩ්‍රොයි  පන්දු 97ක් තුළ හතරේ පහර 07ක් සහ හයේ පහරක් සමග ලකුණු 82ක් රැස් කළේය. මහීෂ් තීක්ෂණ විසින් ඔහු දවා ගැනීමෙන් අනතුරුව තරගයේ මුලු අණසක තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

මතීෂ පතිරණ අවසන් පිතිකරුවන් සිය පහසු ගොදුරු කරගත්තේය.

වටිනාකම අවලංගු කළ දුෂාන්ගේ පන්දු රැකීම

 මෙහිදී කැපී පෙනෙන සිද්ධිය මහීෂ් තීක්ෂණ  යැවූ  47 වැනි ඕවරයේ තුන්වන පන්දුවේ දී නසියුම් අහමඩ්ගේ පහරක් වළක්වමින්  අති විශිෂ්ට පන්දු රැකීම යෙදුන දුෂාන් හේමන්තගේ උත්සාහය විනිසුරුවරයා විසින් නිශ්ප්‍රභා කිරීමය.  හයේ පහරක් වලක්වාලමින් දුෂාන් කළ වික්‍රමය අවලංගු කරමින් විනිසුරුවරයා   පිතිකරුට ලකුණු 06ක් ලබා දීම අන්තර්ජාතික විචාරකයින්ගේ බලවත් මවිතයට හේතු විය..

මෑත එක්දින තරග ඉතිහාසයේ වැඩිම පන්දු වාර ගණනක් යැවීම නායක දසුන් ශානක විසින් සිදුකළේය.  කලකට පසු ඔහු කළ සුපිරිම පන්දු යැවීම අද දක්නට ලැබිණි. දසුන් පන්දු ඕවර 09ක් යවමින් ලකුණු 28ක් පමණක් දී කඩුළු 03ක් දවා ගත්තේය.

මහීෂ් තීක්ෂණ ලකුණු 69කට කඩුළු 03ක්, මතීෂ පතිරණ පන්දු ඕවර 9.1 දී ලකුණු 58ට කඩුළු 03ක් දුනිත් වෙල්ලාලගේ පන්දු ඕවර 10ක් යවා ලකුණු 26ට කඩුල්ලක් ලැබුවේය.

තරයගේ වීරයා සධීර සමරවික්‍රමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ජාත්‍යාන්තර පරීක්ෂණයක් අවශ්‍යයයි… හිටපු ජනපති සිරිසේන කියයි!

Next Post

මුලතිව් සමූහ මිනී වළට ඉඩම් දෙකකට එපිටින් තිබුණේ කොටි වධකාගාරයක්… හමුවන සිරුරු කොටස් කොටි විසින්ම මරාදැමූූ කොටි සෙබලියන්ගේ බව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.