ආදි වාසී ප්‍රජාව දළඳා සමිඳුන්ට වාර්ෂික මී පැණි පූජාව සිදු කරයි

ඇසළ මහ රෙහැර මංගල්ද‍යයයේදී දළදා සමිඳුන් උදෙසා ආදි වාසි ප්‍රජාව  විසින්  දළඳා සමිඳන් උදෙසා සිදු කරන වාර්ෂික මී පැණි පූජාව අද පෙරවරුවේ සිදු කරනු ලැබීය. එහිදී ආදි වාසී නායක උරුවරිගේ වනිය ඇත්තන් ඇතුළු දඹානෙන් පැමිණි ආදි වාසී පිිස භක්තියෙන් යුතුව සිය මී පැනි පූඩාව හේවිසි බෙර නාද මධ්‍යෙය් දළදා සමිඳුන් වෙත පිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට සංඝරන්ය සහ ශ්‍රි දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර ඇතලු විශාල පිරිසක් සහභගී වූහ.

ශ්‍රි දළඳා රෙහරේ පළමු රන් දෝලි පෙරහර අද වීදී සංචාරය කරන අතර  අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු මස 30 වන දින රාත්‍රී වීදි සංචාරය කරන අතර එම පෙරහර රාත්‍රී 7:00 පසුවී මිනිත්තු තුනට උතුරු දිශාභිමුඛව වීදි සංචාරයට එක් වේ.
අනතුරුව එදින සධාතුක පෙරහර කරඬුව රැගත් දළදා පෙරහැර අස්ගිරිය ගෙඩිගේ විහාරයෙහි කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව සිව් මහා දේවාල ගැටබේ දියකපන ගං තොටට පැමිණ පසු දින අලුයම දිය කැපීමේ චාරිත්‍රය ට එක්වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


31 වන දින දහවල් පෙරහර සමගින් මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වන අතර පෙරහැර නිමාවට පත්වූ බව සඳහන් සංදේශය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත මහනුවර ජනපති මැදුරේදී බාරදීමට නියමිතය.

Exit mobile version