13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව අද (08) උදෑසන ආරම්භ කළ පාගමනට පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ දි එල්ල වුන බාධා කිරීම් අභියස උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.
මිහින්තලේ නායක හිමියන්වන වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ එම විරෝධතාවේය ප්‍රධානකොට ගමන් කරමින් සිටියහ. පාහියංගල ආනන්ද හිමියන් ඇතුළු හිමිවරුන්ට පොලිසිය පොල් දූව මංසන්ධිය අසලදී දැඩි බාධා කිරීමක් එල්ල කළේය.
ඇතුල්කෝට්ටේ – පැරකුම්බා පිරිවෙන ඉදිරිපිටින් අද (08) උදෑසන මෙම විරෝධතා පාගමන ආරම්භ කෙරුණි.
මේ වනවිට විරෝධතාවට එක්ව සිටින භික්ෂුන් වහන්සේ පොල්දූව මංසන්ධියේ බිම වාඩි වී සිටිති.