සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ සභාපතිවරයා ඝාතන තැත සම්බන්ධව 04 දෙනෙක් අත් අඩංගුවට…

by editor
ජූනි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කිරීමට සැලසුම්කර ඇත්තේ එම රක්ෂණ සමාගමේ  හිටපු සභාපතිවරයා බවත් මෙම ඝාතන සැලසුමට ප්‍රධාන හේතුව  නව සභාපතිවරයා මින් පෙර   හිටපු සභාපතිවරයාගේ මූල්‍ය දූෂණ අනාවරණය කිරීම නිසා බවත්    බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී  තිබේ.

මෙම ඝාතන තැතට හේතුවූ නඩුව කොළඹ වාණිජ මහාධිකරණයේ විභාගවෙමින් පවතින බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ උප සභාපති ලෙස කටයුතු කළ මීගොඩ වල්පිට තිසර උයන ප්‍රදේශයේ පදිංචි වත්මන් සභාපතිවරයා පසුගිය 02 වනදා අභිනව සභාපති තනතුරේ වැඩ බාරගැනීම සඳහා නිවසේ සිට මෝටර්රථයෙන් යමින් සිටියදී පාගමනින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි.

වෙඩි තැබීමෙන් සභාපතිවරයාට තුවාල සිදුවිය.

බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ හිටපු  සභාපතිවරයා විසින් තම සමීපතමයෙකු වන මාතර දිස්ත්‍රික් සමූපාකාර මණ්ඩල සභාපතිවරයා හරහා කළුතර වරකාගොඩ බස්රථ හිමි ව්‍යාපාරිකයෙකුට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම අපරාධය සිදුකර ඇති බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඝාතන සිද්ධිය සම්බන්ධව සැක පිට මේ වනවිට   මාතර දිස්ත්‍රික් සමූපාකාර මණ්ඩල සභාපතිවරයා හරහා කළුතර වරකාගොඩ බස්රථ හිමි ව්‍යාපාරිකයෙකු ඇතුළු  පුද්ගලයින් සිවු දෙනෙක් මීගොඩ පොලිසියේ  අත්අඩංගුවට පත් වි තිබේ.

එම බස්රථ හිමි ව්‍යාපාරිකයා ප්‍රභූ පුද්ගලයින් ට ආරක්ෂාව සපයන පුද්ගලික ආරක්ෂක අංශයක සේවය කළ අයෙකි.

මෙම බස් රථ ව්‍යාපාරිකයා විසින්   කුලියාපිටියේ පදිංචි හිටපු හමුදා සෙබළාට මෙම ඝාතනය සඳහා   කොන්ත්‍රාත්තුව පවරා තිබි ඇත.

ඝාතකයා රැගෙන  යතුරුපැදිය පැදවීමට හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ බස් කොන්දොස්තර රැකියාව කරන පුද්ගලයෙකු ද බස් රථ ව්‍යාපාරිකයා විසින් ඝාතකයාට හඳුන්වාදී ඇති බව පොලීසිය සඳහන් කරයි.

බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ  හිටපු සභාපතිවරයා විසින් මෙහෙයවූ කණ්ඩායම මෙම  ඝාතන කොන්ත්‍රාත්තුව අදාල   කල්ලිය වෙත ලබාදී ඇත්තේ මාස කිහිපයකට ඉහතදී බවත් අවස්ථා කිහිපයකදීම වෙඩිතැබීම සඳහා නිවස ආසන්නයට පැමිණිය ද ඒ සෑම අවස්ථාවකදීම එය සාර්ථක වී නොමැති බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී තිබේ.

මෙදින වෙඩිතැබීමෙන් අනතුරුව වෙඩික්කරු කිලෝමීටරයක් පමණ දුරකට දිව ගොස් අනතුරුව ත්‍රීරෝද රථයක නැඟ පළාගොස් තිබූ බව පොලීසිය කියයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන අත්තේ  හිටපු සභාපතිවරයා විසින් ඝාතන කොන්ත්‍රාත්තුව භාරගත් ,    මාතර දිස්ත්‍රික් සමූපාකාර මණ්ඩල සභාපතිවරයාය. ඔහු විසින්  සැකකාර බස්රථ හිමි ව්‍යාපාරිකයා අමතා වැඩේ සිදු කිරීමෙන් අනතුරුව සතුටු විය හැකි ආකාරයෙන් මුදලක් ගෙවන බවට පවසා තිබූ බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

ඔහු එම අදහස සඳහා මනාපය පළකර ඇත්තේ ඔහුගේ බස්රථ ව්‍යාපාරයේ ඇතිවූ මූල්‍ය අර්බුදයක් නිසාවෙන් බවටද හෙළිවී තිබේ.

ඒ හේතුවෙන් මෙම පුද්ගලයා විසින්  ඝාතන කොන්ත්‍රාත්තුව භාරගෙන තිබූ බව දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත.

ප්‍රධාන සැකකරු වන මාතර දිස්ත්‍රික් සමූපාකාර මණ්ඩල සභාපතිවරයා විසින් මෙම ඝාතනය සඳහා වෙඩික්කරුට ලබාදුන් ගිනි අවිය ඔහුට ලද ආකාරය එම ගිනිඅවිය යොදාගෙන තවත් අපරාධ සිදුකර ඇත්ද යන්නත් විශේෂයෙන් සොයා බලන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

දෙරණ –

Share69Tweet43
Previous Post

“ මම ඔයාට ඉතිහාසය උගන්වන්න ද?”… කුරුන්දි විහාරයේ ඉඩම් ගැන කී  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගගෙන් ජනපති අසයි…

Next Post

මෛත්‍රී රෝයල් පාර්ක් ඝාතකයා නිදහස් කළ ආකාරය ගැන විනිසුරුවෝ මවිත වෙති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.