දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ චෙන්නායි හා යාපනය අතර ගුවන් ගමන් වලදී සියවෙනි වරට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි යානය පිළිගෙන ගුවන් යානා කාර්ය මණ්ඩලය හා සේවකයින් කේක් කපා එහි සතුට භුක්ති විඳිමට ඊයේ (07) කටයුතු කර තිබිණි.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල හා යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම අවස්ථාව සංවිධානය කොට තිබුණි.
ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන් වලදී සියවෙනි වරට ගුවන් යානයක් ගුවන් ගමන සම්පූර්ණ කරන විට දෙරට අතර ගුවන් මගීන් 10500 කට වැඩි පිරිසක් ප්‍රවාහනය කොට ඇති බව යාපනය ගුවන් තොටුපලේ පැවති චාම් උත්සවයේදී කියවුණි.
කොරෝනා වසංගතය පැවති වකවානුවේදී ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන් නතර කිරිමට සිදු වු නිසා මගීන් ප්‍රවාහනය කිරීමේ කටයුතු දුර්වල වූවත් මේ වන විට පවත්නා ඉතා හිතකර පරිසරය හේතුවෙන් ඉන්දියාව හා යාපනය අතර දැනට සතියකට දින හතරක් පමණක් ක්‍රියාත්මක වන ගුවන් ගමන් ජුනි මස 15 වෙනිදා සිට සතියේ දවස් හත පුරාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බවද එහිදී වැඩී දුරටත් ප්‍රකාශ වුණි.