වේගයෙන් පැතිරෙන වෛරසයක් නිසා වයඹට ගව මස් තහනමක්

වයඹ පළාතේ ගවයන් අතර මේ වනවිට චර්ම ගැටිති රෝගය නම් වෛරස රෝගය වේගයෙන් පැතිරෙන බැවින් එම පළාත තුළ සතුන් මස් පිණිස භාවිත කිරීම හෝ ගවයින් පිට පළාත්වලට ප්‍රවාහනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම වෛරස  රෝගය  පළාතේ ගවයින් 2000 කට වැඩි පිරිසකට පැතිර ගොස් ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සත්ත්ව දෙපාර්තමේන්තුව පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වයඹ පළාත් අධ්‍යක්ෂ බී.සී.එස් පෙරේරා මහතා ට අනුව මේ වනවිට වයඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 46න් 33කම ගවයින් අතර මේ රෝගය පැතිර ගොස් ඇත. අධ්‍යක්ෂ වෛද්‍යවරයා තවදුරටත්  පැවසුවේ, එම ගවයින්ගේ මස් පරිභෝජනය කිරීම සෞඛ්‍යාරක්ෂිත නොවන බවයි.


Exit mobile version