සුමිත් පොතුපිටිය
තහනම් කස මෝරුන් සහ පොල්කොල මෝරුන් මරා රැගෙන ආ මත්ස කිලෝ 591ක් සමගින් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව බේරුවල වෙරළ ආරක්ෂක බළකාය සදහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මසුන් මැරීම සදහා බහුදින යාත්රාවකින් බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් එමින් සිටී මතුගම , ඇලදුව අන්නාසිගල වත්ත, බේරුවල පාදාගොඩ සහ ප්රදේශයේ පදිංචි 40 සහ 30 හැවිරිදි ධීවරයින් දෙදෙනෙකි.
වෙරළ ආරක්ෂක බළකා නිළධාරීන්ට ලද තොරතුරක් මත අංක IMUl- A -0815 KLT දෙනුවන් පුතා යාත්රාව පරීක්ෂා කිරීමේදී එහි තිබී වරල් කපා රැගෙන එන ලද තහනම් මෝරුන් කදන් 39 ක් සොයාගෙන සැකකරුවන් අත්අඩංගුවට බහුදින යාත්රාවද භාරයට ගෙන තිබේ.
මත්ස කදන් 39 හි බර කිලෝ ග්රෑම් 591 යි ග්රැම් 400 ක් බව පැවසේ.
සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සදහා කළුතර ධීවර පරීක්ෂක නිලධාරී කාර්යාලය වෙත භාරදී ඇත.