බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆොන්සේකා – වීරසේකර පාර්ලිමේන්තුවේ දී ගැටෙයි…

සරත් ෆොන්සේකා ඩොලර් වලට ජාතිය පාවා දෙන මානසික රෝගියෙක්... වීරසේකර කියයි...

by editor
මැයි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සරත් ෆොන්සේකා යනු දෙමළ ඩයස්පෝරාවේ ඩොලර්වලට ජාතියත් යුද හමුදාවත්  පාවා දෙන මානසික රෝගියෙක් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඒ ප්‍රකාශ කරනු ලැබුවේ සුනිල් රත්නායක නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධව නඩු වාර්තා පදනම් කරගෙන පසුගිය දා සරත් ෆොන්සේකා විසින් කරන ලද ප්‍රකාශයක් හුවා දක්වමනි.

ඔහු වැඩිදුරටත් මෙසේත් පැවසිය.

මිට දින කීපයකට පෙර සරත් ෆොන්සේකා සුනිල් රත්නායක රණවිරුවාට නිදහස දීම සම්පූර්ණයෙන් වැරදියි. ඒ චෝදනාව ලැබූ සියලුම සෙබලුන් හිරේ නොසිටීම ගැන  පුදුම වෙනවා කියලා ඔහු කියනවා.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

සරත් ෆොන්සේකා

රණවිරුවො කියලා ඔබතුමා ඇඳපු නිල ඇඳුමට නින්දා කරන්න එපා. මිනී මැරුව නම් ඔබ තුමා කළත් ෆොන්සේකා කළත් එල්ලුම්ගස් යන්න ඕන.  ඒක හමුදාව පාවා දීමක් නෙමෙයි.

සරත් වීරසේකර

නොදන්න දේවල් කතා කරන්න එපා. බොරුවට විරයෙක් වෙන්න යන්න එපා.  යුද අපරාධ කළා නම් කමක් නෑ. ඒත් කරපු නැති දේවල් කරන එකයි මෙතන ප්‍රශ්නය තියෙන්නෙ.  කරපු නැති දේවල් කියලා තමයි තමුසෙ වීරයෙක් වෙන්න හදන්නේ.

ජිනිවා උණුසුම යන්න ඉස්සරවෙලා ද්‍රවිඩ ඩයස් පොරාවට අවශ්‍ය විදිහට දෙමළ සන්ධානයට අවශ්‍ය විදිහට යුද අපරාධ කළා කියලා කියන බටහිර  රටවලට අවශ්‍ය විදිහට කිසිම පෙළඹවීමක් නැතිව ගහෙන් ගෙඩි  එන්න වගේ තමුන්නාන්සෙ මේ ප්‍රකාශ කරන්නේ ඩොලර් වලට.

ගියපාර ජනාධිපතිවරණයේ දී  කෝටි එක හමාරයි ඩොල් පන්ලක්ෂ විසි දාහයි තමුන්නාසේගෙ නමට තිබ්බා.

සරත් ෆොන්සේකා

ජිනීවා රිංගලා ඩොලර් උස්සන් ආවට අපි ඔය තුට්ටු දෙකේ වැඩි කරලා නෑ.

සරත් වීරසේකර

කතා කරන්න එපා. තමුන්නාසෙ  මුදලට හමුදාව පාවා දෙන්න එපා.

සරත් ෆොන්සේකා

ඩොලර් අරන් තුට්ටු දෙකේ වැඩ කරන මිනිස්සු නෙමෙයි අපි. අපට තිබ්බා ඕන නම්

සරත් වීරසේකර

අපි යුද්ධ කළේ නැද්ද. දැනගන්න යුද්ධය දිනලා ජාතිය ප්‍රනාමය ලබාගත් පස් දෙනාගෙන් කෙනෙක් මම.

මෙයාගෙ පළවෙනි පාවා දීම සුදුකොඩි සිද්ධිය. ඇමරිකාවෙදි ඉස්සරවෙලා කිව්වා.  සන්ඩේ ලීඩර් ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස්ට සුදු කොඩි කතාවක් කිව්වා.  පක්ෂ භේදයකින් තොරව එකතු වෙච්චි ජාතියක් නැවත බෙදා දැම්මෙ මේ වගේ කුහක ප්‍රකාශයන්.

සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම වන්නෙ රනිල් වික්‍රමසිංහ රජයෙන්.  සිද්ධියෙන් වසර 17කට පස්සේ. මහේෂ්වරන් කියන ත්‍රස්තවාදියෙක් කරන ප්‍රකාශක් මත.  ඇස්දෙක ගැටගහලා වැටෙන් එහාට විසි කලාම කම්බියෙ පැටලිලා රෙදි කෑල්ල ගැවුලවුනා. ඊට පස්සේ වෙච්චි දේ දැක්කා කියලා ඒ ත්‍රස්තවාදියා කියන කතාවක් මත.

මේ කොටි ත්‍රස්තයා කියපු දේ තමයි සරත් ෆොන්සේකා ඇහින් දැක්ක වගේ පාර්ලිමේන්තුවෙ කියන්නෙ.  පහත් විදිහට තමන්ගේ සෙබලුන් පාවා දෙන්නේ.  තමුන්නාසේ ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් නෙමෙයි. ලාන්ස් කෝප්‍රල් කෙනෙක් තරම්වත් වටින්නෙ නෑ.

සරත් ෆොන්සේකා

මම කිව්වෙ නඩු තීන්දුවෙ තියන ඒවා. බෙල්ල කපන ඒවා තිබුණෙ නඩු තීන්දුවේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙ   කියපු කතාවක් ඒක.

සරත් වීරසේකර

ඒවා කියන්න හේතුව මොකක්ද?. දෙමළ ඩයස්පෝරාවෙ සල්ලි අරන් තමුන්නාසේ ඒවා කියන්නෙ.  සුනිල් රත්නායකට නිදහස ලැබුණෙ තාත්ෂණික කරුණු මත කළ තර්කයක් උඩ.  දොලොස් දෙනෙකුගේ  කණ්ඩායමක් කරපු වරදට එක් අයෙකුට දඬුවම් දීම සම්බන්ධව කළ තර්කයක් මත. ඔහු යුද්ධයේ  ඉදිරි පෙළ  හිටපු කෙනෙක්.  ඔහු මහසොන් බලකායෙ හිටපු කෙනෙක්.  තවමත් ඉන්නෙ කටුමැටි ගෙයක.

කොටි 11600ක් පුනරුත්ථාපනය කරලා නිදහස් කරද්දි, දෙහිවල බෝම්බය පිපිරවූ කොටියා හිස අතගා නිදහස් කරද්දි කතා නොකර හිටි තමුන්නාසෙ  හමුදාවෙ වැරිද හොයමින් ජාතිය හමුදාව පාවා දෙනවා.

සරත් ෆොන්සේකා

මේ මොන පිස්සෙක් ද?. යුද්දයකදි  යටත් වෙන මිනිස්සු මරලා දාන්නද කියන්නෙ.

සරත් වීරසේකර

මානසික රෝගියෙක් මේ ඉන්නෙ .  ඔබ  මුදලට ජාතිය පාවා දෙනවා. දෙමළ ඩයස් පෝරාව විසින් දෙමළ ජනතාව සමූල ඝාතනය කළා කියලා  මතවාදයක් අරන් යනවා.  ඒ පළාත් තමයි  තමුන්නාසෙලා දිනුවෙ.  ඒ  අවශ්‍යතාවය තමයි මේ ඉෂ්ටවෙන්නේ.

විපක්ෂ නායක

මේ ඇමතිවරයා කළ සියලුම  ප්‍රකාශ ස්ථාවර නියෝගවලට පටහැනියි.    ස්ථාවර නියෝග කියවලා බලලා මේ ප්‍රකාශ  හැන්සාඩ් වාර්තාවෙන් කපා දාන්න. මහලේකම් තුමා  කියවන්න.

කතානායක තුමා

ඒ සම්බන්ධව   තින්දුවක් ගන්නම්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හුදකලා බව ඉවත් කළේ ඇයිදැයි ලොකුගේ කියයි

Next Post

බාධක මැඩගෙන ජීවිතය දිනූ දියණිය

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.