මේ වන විට රෝහල්වලින් සහ මාතෘ හා ළමා සායනයන් වලින් ලැබෙන් දත්තයන්ට අනුව මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් අනුමාන කළ හැකි යැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා සඳහන් කළාය.
මේ වන විට ගර්භනී මව්වරුන්ට සහ දරුවන්ට අවශ්‍ය කරන යකඩ පෙති කැල්සියම් පෙති , විටමින් ඒ යකඩ කුඩු හා අතිරේක පෝෂණ ආහාරයන් ලබා දීමට කටයුතු කරමින් පවති බවද ඇය සදහන් කළාය.
මන්දපෝෂණය වැඩි වශයෙන් ගොදුරු වී සිටින දරුවන් සිටින දිස්ත්‍රික්කයන් තෝරා ගෙන ඇති අතර ඒ අනුව නුවරඑළිය ,බදුල්ල, කිලිනොච්චිය, වවුනියාව , මොනරාගල ඇතුළු තවත් දිස්ත්‍රික්ක ගණනාවක් හඳුනා ගෙන ඇති බවත් එම දරුවන්ට අවශ්‍ය පෝෂණ මලු ලබා දීමටද කටයුතු කරමින් පවතින බවත් ඇය පැවසුවාය.
මේ සදහා රජය , යුනිසෙෆ් ආයතනය හා තවත් සංවිධාන ගණනාවකගේ සහය ලැබෙන බවද ඇය අවදාරණය කළේය.