ක්‍රිකට් පුහුණුව පිළිබඳ පිළිගත් කිසිම විද්‍යානුකූල පාඨමාලාවක් හැදෑරීමකින් තොරව දේශපාලන බලය මත ජාතික තලයේ පුහුණුකාර ධූරයක් ලබා ගැනීම සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉතා අශ්ලීල උත්සාහයක් දරන බවත්, එහි පිළිකුල් සහගතම ප්රයත්නය වන්නේ මේ වනතුරු එවැනි කිසිම වෘත්තීය පළපුරුද්දක් රහිත මෙම ක්‍රීඩකයා ව්‍යාජ පුහුණු සහතික ලබා ගැනීම වෙනුවෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ දේශපාලන බලපෑම් කරමින් පුහුනුකාර තනතුරුවලට රිංග ගැනීමේ උත්සාහන් ඝානාවේ ක්රිකට්වලවත් දකින්නට නැති බවය.
ලොව වෙනත් රටවල ක්‍රිකට් පුහුණුකරුවන් පත් කිරීම් වලදී ඔවුන් කුමන තරාතිරමේ ක්‍රීඩා කර අත්දැකීම් ලබා සිටියද පුහුණුකරුවකු ලෙස කටයුතු කර තිබෙන අත්දැකීම් හා සුදුසුකම් සළකා බැලීම අනිවාර්ය බව පවසන එම ආරංචි මාර්ග එම මූලික පදනම හෝ නොසලකා ඔස්ට්‍රේලියාවේ සිට පැමිණ සිටින මෙම ක්‍රීඩකයා පුහුණු කාර ධූරයක් ලබා ගැනීම සඳහා යම් යම් පාර්ශව හරහා කරන දේශපාලන බලපෑම නිසා ක්‍රීඩා ඇමතිවරයා ද දැන් අපහසුතාවයකට පත් වී ඇතැයි හෙළි කරයි.
සුදුසුකම් යනු පුහුණුවීම් පිළිබඳ ප්‍රායෝගික පාඨමාලාවන් හදාරා ගනු ලබන Level 1,Level 2 හා Level 3 යන සහතික වේ.
සියල්ලටම කලින් Level 0 යනුවෙන් ප්‍රාථමික සහතිකයක්ද ඇත. Level 3 මට්ටමේ සහතිකයක් නොමැතිව ජාතික තලයේ 19න් පහළ කණ්ඩායමක් සඳහා හෝ පුහුණුකාර ධූරයක් දැරීමට හැකියාවක් නැති බැවැන් මෙම ක්‍රීඩාකයා Level 3 මට්ටමේ සහතිකයක් ව්‍යාජ ලෙස සකස් කරගැනීමේ උත්සාහයක දැන් නිරත වෙමින් ඇතැයි දැනගන්නට ඇත.
මෙම තත්ත්වය වෙනස් නොවේ නම් එහි විනාශකාරී ප්‍රතිවිපාක විඳින්නට සිදුවන්නේ රටට බව ද එම ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පැහැදිලි කර දෙයි.







