අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි 31 අතුරුදහන්… විගණනයේ දී හෙළි වේ..

ජාතික විගණන කාර්යාලයේ විගණනයකින් හෙළි වුණු හොරොව්පතානේ අලි අපරාධය....

by editor
ජනවාරි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • අලි 09කට අලි 30කගේ කෑම ගෙන්වූ බව ලේඛණවල සඳහන් වුනත් අලි මන්දපෝෂණ තත්වයේ..

  • අලි 12ක් මිය ගිහින්… 05ක් මිය ගිහින් තිබෙන්නේ මන්දපෝෂණයෙන්…

හොරෝව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටිය යුතු අලි 52ක් අතුරින් අලි  31 දෙනෙක් අතුරුදහන්ව ඇති බවත් එම අලින් පිළිබඳ කිසිම ලේඛණයක් නොමැති බවත් ජාතික විගණන කාර්යාලයෙන් කළ විගණනයක දී හෙළි වී තිබේ.

එමෙන්ම එහි අලි 12 දෙනෙක් මිය ගොස් ඇති අතර ඉන් අලි 05ක් මිය ගොස් ඇත්තේ ආහාර හිඟය නිසා ඇති වූ මන්දපෝෂණ තත්වය නිසා බව හෙළි වී තිබේ.  දැනට ජීවත්ව සිටිනා අලි 09 දෙනා ද අයහපත් සෞඛ්‍ය තත්වයෙන් හා මන්පෝෂණ තත්වයෙන් පසුවන බව නිරීක්ෂණය වී ඇතත් මෙම අලි 09 දෙනා සඳහා සැපයුම් කරුගෙන් අලි 30 දෙනෙක් සඳහා දෛනිකව ආහාර සපයාගෙන තිබූ බවට ලේඛණ සකස් වී ඇතැයි විගණනයේ දී හෙළි වී තිබේ. 

ඒ සම්බන්ධව වූ සම්පූර්ණ කතාව මෙසේය. 

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට අලියෙක් ගෙන යමින්…

අලි කෑම ගසා කෑම

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය නිර්මාණය කළේ ප්‍රචන්ණ වනඅලින් මෙල්ල කර ඔවුන් යළි මුදා හැරීමේ ක්‍රමවේදයක් තුළ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා යැයි කියවිනි.  වර්ෂ 2019  ජුලි මස සිදුකරනු ලැබු අලි සංගණනයට අනුව මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටියේ අලින් 09 දෙනෙකි.   මෙම මධ්‍යස්ථානයේ  සිටින අලින් සංඛ්‍යාව  09ක් වුවද  අලින් 30  දෙනෙකු සඳහා අහාර සපයා  තිබු බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ..

වර්ෂ 2019  අගෝස්තු මස 01වැනි දින සිට ඔක්තෝබර් මස 31 වැනි දින දක්වා කාලය තුළ වැඩිපුර අලින් 21 දෙනෙකුට ආහාර  සැපයිම වෙනුවෙන් රුපියල් හැටපන් ලක්ෂ පනස් නව දහස් දෙසීය හතලිස් පහක් ( 6,559,245 )  කොන්ත්‍රාත්කරුට ගෙවා ඇති  බවද  විගණන වාර්තාවේ දැක්වේ.

වර්ෂ 2018  නොවැම්බර් මස  01 දින සිට 2019 ඔක්තොබර් 31 වැනි දින දක්වා  කාලය තුළ රැදවුම් මධ්‍යස්ථානයේ අලින් 30 දෙනෙකු සඳහා  දෛනිකව කොස්කොළ මිශ්‍රකොළ හා  වටක්කා කිලෝ ග්‍රෑම් 2800 බැගින්  සැපයිම සඳහා රුපියල් දෙකෝටි  හැට එක් ලක්ෂ තිස් තුන් දහස් හත්සීයක  ( 26,133,700 )ක කොන්ත්‍රාත්තුවක්  පිරිනමා ඇත. එහෙත් මේ පිළිබඳ සිදුකළ  භෞතික පරික්ෂාවේ දි කොළ අතු ආහාරයට නොගැනිම හේතුවෙන්  විශාල කොල අතු ප්‍රමාණයක් ඉතිරි වී  වෙලිගොස්  තිබුණි. බාහිරින් සපයන ආහාර පිළිබඳ ප්‍රමාණවත් අධික්ෂණයක් සිදුකර නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් කොට ඇත.

බර කිරලා තියෙන්නේ මෝලකින්

එමෙන්ම බාහිරින්  සපයන  අහාර ද්‍රව්‍යවල බර කිරීම සඳහා  අවශ්‍ය උපකරණ හොරව්පතාන වනජීවි කාර්යාලයේ  නොතිබු  අතර  ඒ සඳහා පුද්ගලික සහල් මෝලක තරාදිය භාවිත කොට තිබුණි. අහාරවල බර කිරීම සදහා අධීක්ෂණ නිලධාරියකු රඳවා නොතිබුණු බැවින් ආහාර ද්‍රව්‍යවල බර නිවැරදි දැයි තහවුරුකර ගැනීමකින් තොරව ගෙවීම් කොට ඇති බවද විගණනයේ දි අනාවරණය වි ඇත. 

එමෙන් අහාර සැපයිම සම්බන්ධ ගිවිසුමේ   සියඹලා කොළ සැපයිය යුතු බව සඳහන් වුවද  සියඹලා කොළ අලි ආහාරයට නොගන්නා බව අනාවරණ  වී ඇති බව ද විගණන වාර්තා වේ දැක්වේ.

අලි 30ට කෑම ගෙනාවත් අලි 05ක් මන්දපෝෂණයෙන් මිය ගිහින්

එමෙන්ම මෙකී මධ්‍යස්ථානයට ඇතුළත් කළ අලින්ගෙන් 12 දෙනෙකු මියගොස් තිබු අතර ඉන් අලි 05  දෙනෙකු මියගොස්  ඇත්තේ ප්‍රමාණවත් ආහාර නොමැතිවිම හා මන්දපෝෂණය හේතුවෙන් බවට නිරික්ෂණය වි ඇති බව  ද විගණන වාර්තාවේ දැක්වේ. 

අලි 31 අතුරුදන්

අලි සංගණනය අනුව 2015 වර්ෂයේ සිට 2019 වර්ෂයේ ජුනි මස දක්වා  කාලය තුළ මෙම රැඳවුම් මධ්‍යස්ථානයට  ප්‍රචන්ඩකාරි අලි 52 දෙනෙකු අතුළත්කොට ඇත. ඉන්  දැනට ඉතිරිව ඇත්තේ අලි 09 දෙනෙකු බවත් 12 දෙනෙකු මියගොස් ඇති අතර ඉතිරි අලි 31 දෙනා එම  ස්ථානයෙන් පැනගියාද  මියගියාද යන්න පිළිබද  තොරතුරු  වනජිවී දේපාර්තමේන්තුව සතුව  නොතිබු බවද විගණන වාර්තාවේ සදහන්ව ඇත.   

රැඳවුම් මධ්‍යස්ථානයට  ඇතුළත් කළ අලින්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල මට්ටමක තිබු  අතර එම සතුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පසුවිපරමක් සිදුකොට නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

විදුලි වැටේ ගැහිල්ල

කිලෝමිටර් 16ක විදුලි වැටක් ඉදිකිරිම සඳහා  රුපියල් මිලියන 159.48ක් ( පහළොස් කෝටි අනූ හතර ලක්ෂ අසූ දාහක්)  වැය කොට ඇති අතර එහි ගුණාත්මක භාවය පිළිබඳ ගැටලුවක්  පැවති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර  පරිසරයටවන බලපෑම පිළිබඳ තක්සේරුවක් කළයුතු වුවද  ඒ සම්බන්දව කිසිදු ඇගයිමක් කොට නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ප්‍රචන්ඩකාරි පිරිමි අලින් අල්ලා පුනරැත්ථාපනය කිරීමට  හෙක්ටයාර් 997කින් යුත් මෙම අලි රැදවුම් මධ්‍යස්ථානය 2015 වර්ෂයේ දි  විවෘත කරනු ලැබිය. මෙම මධ්‍යස්ථානය සදහා. රුපියල් මිලියන 345ක් වියදමක් දරා ඇති අතර අලි මධස්ථානය පිහිටුවිමේ  අරමුණ ඉටුකරගැනිමට නොහැකි වි ඇති බවද විගණන වාර්තාවේ සඳහන්ව තිබේ. 

හොරෝව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්යසාධනය සම්බන්දයෙන්  මෙකි විගණනය කොට ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නිරෝධායන නීති කඩ කර චිත්‍රපටි බලන්න ගිය හැටන් රසිකයන්ට පොලිස් ප්‍රහාරයක්..

Next Post

බූස්ස අධි ආරාක්ෂක බන්ධනාගාර රැඳවියෙක් සියදිවි හානි කරගන්න තැත් කරලා..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.