බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරු අල්ලන වැඩේට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් කරගන්නට යද්දී ස්වාධීන පොලිස් කොමිසමත් බාල්දි පෙරලන හැටි ජනපති කියයි!

by editor
ජනවාරි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • අල්ලස් හෝ දූෂණ විමර්ශන සභාවේ සභාපති ගිය සතියේ ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කළා… මේ සතියෙ එතුමා වැඩ ආරම්භ කරයි… ඉතාම වැදගත් නඩු කීපයක් ගොනුවෙන්න නියමිතයි… ජනපති අවධාරණය කරයි!

දූෂිතයන්ට එරෙහිව නඩු ගොනු කිරීම සඳහා සිදුකරන විමර්ශන කාර්යාවලිය විධිමත් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය සම්පත් නිලධාරීන් ගොනු කරගැනීමට කටයුතු කරන සාධාරණ ක්‍රියාවලියේ දී ස්වාධීන පොලිස් කොමිසම කකුලෙන් අදිනු ලැබූ ආකාරය සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක රටට හෙළි කළේය.

ජනාධිපතිවරයා මෙම හෙළිදරවු කිරීම කරන්නේ ඊයේ (19) පස්වරුවේ හොරණ දී පැවති විශේෂ ජන හමුවක් අමතමිනි. හොරු අල්ලන ක්‍රියාවලිය ප්‍රමාද ඇයි දැයි ජනතාව අසන ප්‍රශ්නයට පිළිතුරු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.

ගිහිල්ලා කණෙන් අල්ලන් ඇවිත් හිරේ දාන්න පුලුවන්නම් මේ වෙනකොට හුඟක් අය හිරේ. නමුත් ආණ්ඩුවක් කරන්නේ එහෙම නෙමෙයි. නිසි පිරිදි පරීක්ෂණ කරන්න ඕන. පරීක්ෂණ කරන්න අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව තියනවා. අල්ලස් හෝ දූෂණ කොමිසම තියනවා.

අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට වෙලා තිබුණ දේ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වෙනකොටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හයසීයක් එක විට මාරු කළා. පරණ ෆයිල් ගැන දන්න තොරතුරු ගැන දන්න පරීක්ෂණයේ හිටපු නිලධාරීන් කවුරුත් නෑ. ඉතින් අපට මේ මාස දෙක අවශ්‍ය වුනා පරණ අත්දැකීම් තියන කාර්යක්ෂමතාවය තියන නිලධාරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගේන්න.

ඒක අද ලියුම ගහලා හෙට ගේන්න බෑ, ඒකට අවසර ඕන ස්වාධීන පොලිස් කොමිෂන් සභාවෙන්. පොලිස් කොමිෂන් සභාවෙන් මාරුවීම් අනුමත කරන්න ඕන. ඒ ගොල්ල ටිකක් අදිමදි කරනවා. මමත් තව ටිකක් කොමිෂන් සභාව ගැන අදිමදි කරමින් ඉන්නේ. ඒකත් මම කියන්නම් කෙළින්. ඒගොල්ලත් අදිමදි කරනවා… මාත් ටිකක් “අදිමදි කරනවා”.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

අපි කිසිවෙක් ආරක්ෂා කරගැනීම වෙනුවෙන්, වංචාවට දිරි දීම වෙනුවෙන් නීතිය කැඩීම වෙනුවෙන් ඉල්ලලා නෑ මාරුවීම්. පොලිස්පති තුමා ඉල්ලලා තියෙන්නේ සාධාරණය ඉටු කරගැනීම සඳහා තියන මාරුවීම් ඉල්ලලා තියෙන්නේ. සමහර ඒවට ඒගොල්ල අදිමදි කරනවා. මමත් ඒගොල්ල ගැන අදිමදි කරමින් ඉන්නේ.

මතක තියා ගන්න. දැන් කාලයක් ගියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිවෙලක් කරගන්න. එතකොට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඕන වෙලා තිබුණා. හිටපු කෙනා ඉල්ලා අස්වෙලා තිබුණා එයාට නඩුවක් තිබිලා. තව කෙනෙක් වැඩ බලන්න දාලා තිබුණා. පනත අනුව වැඩ බලන්න දාන්න පුලුවන්ද බැයි ද කියලා ප්‍රශ්නයක් තිබුණා. එයා නඩු දාන්න ගියොත් නඩු එතනින්ම කැඩෙනවා. මේ තනතුර වලංගු නෑ කියලා. ඒ නිසා අලුත් අධ්‍යක්ෂ ජනාරාල් කෙනෙක් පත් කරගන්න තිබුණා. ඒක පත් කරගන්න තිබුණෙ පාර්ලිමේන්තුවෙ ව්‍යවස්ථා සභාවෙන්.

ගිය සතියෙ අපි ඒක පත් කරගත්තා. මම හිතන්නේ මේ සතියෙ ඉඳන් එතුමා වැඩ ආරම්භ කරයි. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවෙ. ඉතා වැදගත් නඩු කීපයක් වැටෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා. ඒ උපදෙස් අනුව ඉදිරියේ දි නඩු ගොනු වෙනවා. ඒක වෙයි. පහක් ( අවුරුදු ) තියනවනේ… මේක හරියට කරන්න ඕන.

ජනාධිපතිවරයා පැවසුවේ 2015 දී මෙය සම්පූර්ණ මාධ්‍ය සංදර්ශනයක් කරගත් බවය. අත් අඩංගුවට ගන්නා හොරුන් ඇතුළට යන්නේ සුසන්තිකා ඔලිම්පික් දිනුවාක් වැනි ජවයකින් බව ද ජනාධිපතිවරයා කීවේය. මේ වනවිට විශාල ප්‍රමාණයෙන් කටඋත්තර ගන්නා බවත් විමර්ශන සිදුවන බවත්, ඒ විමර්ශන සම්බන්ධව මාධ්‍ය නාලිකාවල ප්‍රචාරණය නොවන බැවින් කිසිවෙක් නොදන්නා බවත් ජනාධිපතිවරයා පැවසුවේය. අවශ්‍ය ආයතනවලට නිතිය ඉටු කිරීම සඳහා පූර්ණ බලය ලබා දී ඇති බව ද ඔහු කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෙට CID එන්න කිව්වේ ප්‍රකාශයක් ගන්න… අත් අඩංගුවට ගැනීමට තබා සැකකරුවෙක් ලෙස හෝ නම් කර නෑ…. අපේක්ෂිත ඇප ඉල්ලන්න අධිකරණයට ගිය මනුෂට විමර්ශන අංශ කියයි!

Next Post

වැසි තත්ත්වයේ අඩුවක්…

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.