ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට්, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයින් 11 දෙනෙකු ගමන් කරමින් සිටි හමුදා හෙලිකොප්ටරය දකුණු තමිල්නාඩු ප්‍රාන්තයේදී අනතුරට ලක්වීමෙන් ජෙනරාල් රාවට් සහ ඔහුගේ බිරිය ඇතුළු 11 දෙනාම මිය ගිය බව ඉන්දීය ගුවන් හමුදාව (IAF) වාර්තා කළේය.
ඉන්දියානු ගුවන් හමුදාව ට්විටර් සටහනක් මගින් කියා සිටියේ බදාදා දහවල් කුනූර් නගරය ආසන්නයේ දී මෙම “ඛේදනීය අනතුර” සිදු වූ බවයි.
හෙලිකොප්ටරය ගුවන් හමුදා කඳවුරක සිට ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලය වෙත යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව ද ඔවුන් දක්වා ඇත.