බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙම්බත්ව සිටින රටේ හම්බන්තොට චීන්නුන්ගේ වරායට එන චීන නැවේ සැඟවුන කතාව 

by editor
අගෝස්තු 6, 2022
in පුවත්
යුවාන් වන්ග් 5 යාත්‍රාව...

යුවාන් වන්ග් 5 යාත්‍රාව...

Share on FacebookShare on Twitter

චීනය මේ කාලයේ ලෝකයටම විවිධ මාතෘකා සපයයි. ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් මෙතෙක් ලොකුම අවධානයක් යොමුව තිබුණේ ඉතිහාසයේ දැවන්ත ආර්ථික අර්බුදයේ ගිලී සිටින ශ්‍රි ලංකාවට එයින් යම් හෝ සහනයක් ලබා ගනු වස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය සහනයට පූර්ව කොන්දේසියක් වන දැනට ශ්‍රි ලංකාව විදේශ ණය හිමියන් සමඟ පවතින ණය ආපසු ගෙවීම සම්බන්ධ ප්‍රතිව්‍යූහගතකරණයකට එකඟ වීමේ කරුණයි.

එහිදී ශ්‍රි ලංකාවට ණය ලබා දී ඇති ලොකුම රට ලෙස චීනයේ එකඟතාව වඩාත් වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල   පසුගියදා ප්‍රකාශ කොට තිබිණ. මෙතෙක් ඒ වෙනුවෙන් සිය එකඟතාව පළ කර නැති ශ්‍රි ලකාවේ දිගු කාලීන මිතුරාගේ හැසිරිම පිළිබඳ ව ලෝකයේම මූල්‍ය සහ දේශපාලන විශේෂඥවරු  අවධානය යොමු කරමින් සිටියහ. මේ අස්සේ චීනය   නැවක්  ඉදිරියට දමා මේ මාතෘකාව පිළිබඳව අවධානයට හරස් කැපුවේය.

මොකක්ද මේ චීන නැව

මොකක්ද මේ නැව? චීනයට හිතවත් වෙබ් අඩවියක් වන   https://brisl.org/  පවසන ආකාරයට චන්ද්‍රිකා නිරීක්ෂණ පහසුකම සහිත Yuan Wang 5 පර්යේෂණ  නෞකාව අගෝස්තු මාසයේ 11 වැනිදා සිට අගෝස්තු 17 වැනිදා දක්වා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතය. මෙම වෙබ් අඩවියට අනුව මෙම නෞකාව සිය මෙහෙයුම් අතරතුර ඉන්ධන ලබා ගැනීම සහ විවේකය  සඳහා හම්බන්තොටට පැමිණීමට නියමිත බව සඳහන් කරයි.

යුවාන් වැන්ග් 5 නෞකාව චීනයේ අභ්‍යවකාශ පර්යේෂණ ව්‍යාපෘති සඳහා අවශ්‍ය දත්ත සහ තොරතුරු පර්යේෂණ සඳහා දායක වන නැවක් බව චීනය පවසයි. ඔවුන්ගේ අභ්‍යවකාශ ගවේෂණ කාර්යයන්ට සම්බන්ධ දත්ත ලබා ගැනීමට මෙම නැව උපයෝගී  කරන අතර පසුගිය කාලය තිස්සේ ඊට නාවික සැතපුම් 580,000ක පමණ කරක් ගසා ඊට අදාළ කාර්යයන් 80කට වඩා ඉටු කර ඇති බව ද කියයි.

විශේෂයෙන් ගුවන්ගතව පවතින චන්ද්‍රිකා නිසි ලෙස හඳුනා ගැනීමේ  තාක්ෂණය සහිත මේ නෞකාව දියත් කිරීමට චීනය ක්‍රියා කර ඇත්තේ ඇමෙරිකාවේ  නාසා ආයතනයෙන් චීන ජාතිකයන්ට අභ්‍යවකාශ පර්යේෂණ සම්බන්ධයෙන් සිදුවන මදි පුංචිකම්වලට විකල්පයක් ලෙසින් බව සඳහන් වෙයි. නාසා ආයතනය විසින් දියත් කරන ලද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට චීන පර්යේෂකයන් සම්බන්ධ කර නොගැනීමට ගන්නා ලද තීරණයෙන් පසු අභ්‍යවකාශ පර්යේෂණවලට යොමු වූ චීනය සිය පර්යේෂණ සඳහා නෞකාව භාවිත කරන බව සඳහන් වෙයි.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

කෙසේ වෙතත් මේ නෞකාව හදිසියේ ශ්‍රි ලංකාවට පැමිණීම මේ වනවිට ලෝකයේම අවධානයට ලක්ව ඇත. එයට පසුබිම් වන කරුණු රැසක් ඇත. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ශ්‍රි ලංකාවේ වර්තමාන අර්ථික අර්බුදය ඊට සම්බන්ධිත ක්‍රියාකාකරම් සහ ශ්‍රි ලංකාවේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුවයි.

චීන නැවේ සැඟවුන කතාව  

යුවන් වැන්ග් 5 නෞකාව එන්නේ හම්බන්තොට වරායටය. මෙම වරාය ශ්‍රි ලංකාව චීනයෙන් ලබා ගත් ණය නිසි ලෙස ගෙවා දැමීමට අපොහොසත් වීමේ කරුණ මත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 කට වසර 99 අවුරුදු බද්දකට චීනයට  පවරා ඇති වරායකි. මෙම වරායට එන චන්ද්‍රිකා නිරීක්ෂණ නෞකාවක් ගැන ඉන්දියාව කලබලයට පත්වීම අනපේක්ෂිත  දෙයක් නොවේ. මේ වනවිටත් මෙම නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව සෘජුවම සිය විරෝධය ඉතා ඉහළ මට්ටමකින් ශ්‍රි ලංකාව  වෙත දන්වා ඇත.

දැවැන්ත  ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ වරායක් දෙසට ගමන් කරන මෙම චීන නෞකාව පිළිබඳව ඉන්දියාව විශේෂ අවධානයක් දක්වයි. ඉන්දීය මාධ්‍යවලින් හෙළිකර ඇති තොරතුරුවලට අනුව මෙය හුදෙක් පර්යේෂණ හෝ චන්ද්‍රිකා නිරික්ෂණ නෞකාවක් පමණක් ම නොවේ. මෙය  සන්නද්ධ ක්‍රියාකාරකම්වලටද සම්බන්ධ විය හැකි නෞකාවක් ලෙස ඉන්දීය ඔත්තු සේවා හඳුනාගෙන තිබේ.

පර්යේෂණ සහ සමීක්ෂණ නෞකාවක් ලෙස හඳුන්වන  යුවාන් වැන්ග් 5 චන්ද්‍රිකා, රොකට් සහ අන්තර් මහද්වීපික බැලස්ටික් ලුහුබැඳීමට දැඩි ලෙස සම්බන්ධ වීමේ අරමුණ ඇතිව චීනය විසින් නිපදවන ලද අධි තාක්ෂණයන්ගෙන් සමන්විත  යැවාන් වැන්ග් නැව් පන්තියේ  යාත්‍රා හතෙන් එකකි. එයට මිසයිල දියත් කිරීමේද හැකියාව සහිත බව සඳහන් වේ.

ඉන්දියන් එක්ස්ප්‍රස්  වාර්තා කරන ආකාරයට යුවාන් වෑන්ග් නෞකාව පිළිබඳව තොරතුරු හෙළිකරන එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවකට අනුව, මෙම අභ්‍යවකාශ ආධාරක නැව් මෙහෙයවනු ලබන්නේ චීන මහජන විමුක්ති හමුදාවේ  එක් අංශයක් වන  උපාය මාර්ගික ආධාරක බලකාය (SSF) මගිනි. මෙය  යුධ  මනෝවිද්‍යාත්මක යුධ මෙහෙවර සහ හැකියාවන්’ යනුවෙන් ද ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කර ඇත.

එසේම මෙම නැවට සාමාන්‍යයෙන් එය පිහිටන ස්ථානයේ සිට කිලෝ මීටර 750ක පමණ පරාසයක් තුළ පවතින සහ සිදුවන දේ නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් යුක්ත වන අතර ඒවා චීන රෙඩාර් පද්ධතිය තුළ දර්ශනය කරවීමේ හැකියාවක් පවතින බව ඉන්දියාව දැන ගෙන ඇත්තේ මෙයට සෑහෙන කලකට පෙර සිටය.

ලංකාව පත්කළ අසීරුව

මෙම “අටමගල් නෞකාව“ සැබැවින්ම මේ මොහොතේ ශ්‍රි ලංකාව පත් කර ඇත්තේ එක්තරා අසීරු අවස්ථාවකටය. එහිදී ඉන්දියාව විසින් මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව කිසිසේත් අත් හළ නොහැකි ය. එයින් පළමු කරුණ වන්නේ මෙය භූ දේශපාලනික වශයෙන් කලාපය තුළට චීනය මෙවැනි චන්ද්‍රිකා නීරික්ෂණ නෞකාවක් ඇතුළු කරවීම ඉන්දියාවේ ආරක්ෂක අංශවල වැඩ අවධානයට නිරන්තරයෙන් ලක්වීමය. කලාපයේ භු ගෝලීය වශයෙන් තීරණාත්මක ස්ථානයක එනම් ඉන්දියාවට ආසන්නයෙන්ම පිහිටි රට ලෙස ශ්‍රි ලංකාව ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් උනන්දු විය යුතුව ඇත. එවැනි සංවේදී කරුණක් හමුවේ ඉතා උපායශීලීව කටයුතු කිරීමට ශ්‍රි ලංකාවට සිදුවේ.

අනෙක් කරුණ මෙම නෞකාව හුදෙක් ආරක්ෂාවට සම්බන්ධ එකක් වන අතර හම්බන්තොට වරායේ  යුධමය ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කිසිදු ක්‍රියාකාරකම් යාත්‍රා මෙහෙයුමක් සිදු නොවන බවට චීනය මේ වනවිට එකඟතාව පල කර ඇති පසුබිමක මෙවැනි යාත්‍රාවක් පැමිණීමද අවධානය යොමු කළ යුතු කරුණකි.

ශ්‍රි ලංකාව පිළිබඳව සැලකීමේදී මෙහිදී වඩාත් ප්‍රවේසම් සහගතව කටයුතු කිරීමට අපට සිදු ව  ඇත්තේ කරුණු කිහිපයක් නිසාය. එනම් මෑත කාලයේ චීන ආශිර්වාදය යටතේ 13 වතාවක් චීනය වන්දනා කර හැට නව ලක්ෂයක් වරම ලබාගත් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විනාශ කළ ආර්ථිකය හමුවේ  රටේ ජනතාවට හුස්ම ගන්නට උදව් කළේ ඉන්දියාව වීමය. කිසිදු රටකින් ඉන්ධන මිල දී ගත නොහැකි තරමේ ණය කන්දක සිරවී සිටි ශ්‍රි ලංකාවට  පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාවෙන් ලද සහය  තීරණාත්මක විය. මේ තත්ත්වය තුළ අසල්වැසි රාජ්‍යය සිත් පළුදු වන ආකාරයේ කිසිදු ජාත්‍යන්තර සම්බන්ධයකට පය තැබීම ශ්‍රි ලංකාවට නොකළ යුතු කාර්යයක් වී ඇත. ‍hambantota-port-

අනෙක් කරුණ වන්නේ චීනය මේ මොහොතේ මේ නැව හම්බන්තොටට ගෙන්වන්නේ එක්තරා ආකාරයකට ශ්‍රි ලංකාව අසරණ කර වන මොහොතකදීය.  ඉන්දීය හොඳහිත පලුදු කරවීමේ සෘජු ඉලක්කයක් සහිතව මෙම නැව එවනවා වන්නටද පුළුවන.  හේතුව මේ මොහොතේ ශ්‍රි ලංකාව චීනය සමඟද කටයුතු කළ යුතුව ඇත්තේ මඟ සිටියොත් තො නසී දෙර ගියොත් අඹු නසී වැනි තත්ත්වයකය. ඒ මන්ද ත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය ලබා ගැනීමට මත්තෙන් පවතින ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් එකගතා ඇති කර ගත යුතු රටවල් අතර පෙරමුනේ සිටින්නේ චීනය වීමය.

අනෙක මේ එකතාවන් කෙරෙහි තවමත් සුබවාදී ප්‍රතිචාරයක් දක්වා නැත්තේද චීනයය. එවැනි පසුබිමක හම්බන්ටෙ ට එන නැව වැළැක්වීමට ශ්‍රි ලංකාව කටයුතු කළහොත් ඔවුන් එය තුරුම්පුවකට පාවිච්චි කර මෙම එකඟතාවන්ට නොඑලඹී සිටින්නට උත්සාහ කරනවා වන්නටද පුළුවන. පසුගියදා ඩේලි මිරර් පුවත් පත සිය වාර්තාවකට යොද තිබු ශීර්ෂයෙන්ද පෙන්වා දී තිබුනේ චීනය බොර දියේ මාලු බාන්නේද ? යන්නය.

කෙසේ වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ තත්ත්වය වඩා හොඳින් අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතු තත්ත්වයක ඇත. ඔහු මේ වනවිටත් මේ සම්බන්ධයෙන් යම් යම්  ප්‍රතිචාර දක්වා තිබුණි. ඔහු පසුගියදා පාර්ලිමෙන්තුවේ සිට කළ විශේෂ ප්‍රකාශයේදී ඉන්දියාවෙන් දෙන සහය පිළිබඳව ඉන්දීය අගමැතිවරයා ඇතුළු ඉන්දීය රජයටත් ජනතාවටත්  සිය ස්තූතිය පළ කළේය.

එසේම චීන තානාපතිවරා ගෙන්වා එක් චීනයක් සදහා වන ප්‍රතිපත්තිය ශ්‍රි ලංකාව පිළිගන්නා අතරේ එක්සත් ජාතීන්ගේ දේශ සීමා  සෛවරීත්වය සම්බන්ධයෙන් ඇති එක්සත් ජාතීන්ගේ පුඥප්ති මූලධර්මවලටද  ශ්‍රි ලංකාව ගරු කරන බව දැන්වීය.

කෙසේ වුවද  මෙම නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන අතිශය උනන්දුව පිළිබඳ ව ශ්‍රි ලංකාව අවධානය යොමු නොකර සිටීම අසීරුය. හේතුව ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාවෙන් ලද සහයයි. අනෙක වගකීම් සහගත කරුණ නම් කලාපීය බලපොරවලට  ශ්‍රි ලංකාව බිමක් කර ගැනීමට වෙනත් ජාතීන්ට අවසථාවක් ලබා නොදීමය.

මෙතෙක් වැරදි තීරණ මත පිහිටා කටයුතු කළ නායකයන් නිසා අප අද දැනුවත්වම ලොකු වළක වැටී ඇත. එසේම දැවැන්ත ණය තොණ්ඩුවක සිර වී ඇත. එහි ආර්ථික වාසි එක් පවුලක් දෙකක් භුක්ති විඳිද්දී  රාජ්‍යත්වය මෙනම් එහි පහස ලබන ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇත. චීන නැව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව ක්‍රියා කරන ආකාරය තුළද එහි පසු බලපෑම් සෘජුවම ශ්‍රි ලංකාවේ ජනතාවට දැනෙන තරමට බලවත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගෝඨාභයට තව දුරටත් රැඳී සිටින්නට රජය සිංගප්පූරුවෙන් වීසා ඉල්ලයි!

Next Post

කෙහෙල්බද්දර දී ඝාතකයාගේ ඉලක්කය වැරදිලා… ඝාතනය වී ඇත්තේ අහිංසක තරුණයෙක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.