බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට සිද්ධ වෙන්නේ ලංකාව ඉන්දියාවේ ඩිජිටල් යටත් විජිතයක් කිරීමයි… පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි!  

by editor
අගෝස්තු 22, 2023
in පුවත්
DigetalID
Share on FacebookShare on Twitter
  • රටේ සමස්ථ පුද්ගල දත්ත පද්ධතිය දෙන්න යන්නේ  කෙනයාව, ලයිබීරියාව, සුඩානය වැනි රටවලත් අසාදුලේඛනගත, අරක්කු ස්ටිකර් මුද්‍රණ කොන්ත්‍රාත්තුව අරන් හොර අරක්කු කාරයිනට ස්ටිකර් හොරට විකුණපු අශිෂ්ඨ සමාගමකට…

  • රටේ සමස්ථ පුද්ගල දත්ත පද්ධතිය ලබා දී ඉන්දියාවේ යටත් විජිතයක් කරන්න හදන්නේ රුපියල් බිලියන 04ක ණය මුදලකට… පුබුදු ජයගොඩ කියයි!

විද්‍යුත් හැඳුනුම්පතක් ලබාදීමේ මුවාවෙන් ලංකාවේ ජනතාවගේ සියළු දත්ත ඉන්දියාව සතුකර ලංකාව ඉන්දියාවේ ඩිජිටල් යටත්  විජිතයක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාවරණය කරයි.

පුබුදු ජයගොඩ…

මෙම තොරතුරු අනාවරණය කරන ලද්දේ අද (22)   එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහනුවරදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහි දී පුබුදු ජයගොඩ මෙසේ ද පැවසුවේය.

වැඩවසම් රාජාණ්ඩු කාලයේ තිබුණු දේවවරම්වාදී න්‍යායෙන් විශ්වාස කළේ රජය දෙවියන්ගේ නියෝජිතයා කියලා. ඒ නිසා රජයට පුරවැසියාගේ ශරීරයට මැදිහත් වීමේ අයිතියක් තිබුණා.

නමුත් මීට අවුරුදු 300කට පෙර එංගලන්ත, ඇමරිකානු, ප්‍රංශ විප්ලවවලදී රජය සහ පුරවැසියා අතර තිබෙන්නේ සම්මුතියක්, ඒ නිසා පුරවැසියාගේ ශරීරයට අත තියන්න රජයට බෑ කියන අදහස තහවුරු වුණා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ලංකාවේ වර්තමාන හැඳුනුම්පත සඳහා රජය ලබා ගන්නේ ජීව දත්ත පමණයි. නමුත් 2013දී මහින්ද රාජපක්ෂ පාලනය සියවස් තුනක අයිතීන් අහිමිකරන විද්‍යුත් හැඳුනුම්පත් පනත් කෙටුම්පතක් ගෙන ආවා. ජනතා විරෝධය නිසා එය පසුපසට ගියත් 2015දී යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සියළු පක්ෂවල අනුමැතියෙන් එය සම්මත කළා.

ඩිජිටල් යටත්විජිතකරණය

නමුත් දැන් පෙනෙන්නේ මේ විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ අරමුණ මර්දන යාන්ත්‍රණ ශක්තිමත් කිරීම පමණක් නොවන බව. එය කලාපීය භූ දේශපාලන ව්‍යාපෘති සමගත් පැටලිලා

ලංකාවේ ජනගහනයට විද්‍යුත් හැඳුනුම්පතක්  නිකුත් කිරීමේ ව්‍යාපෘතියේ මුළු වියදම රුපියල් බිලියන 41.05ක්. එයින් රුපියල් බිලියන 22.33ක් ප්‍රදානයක් ලෙස දෙන්න ඉන්දියාව ඉදිරිපත් වුණා. නමුත් ඒ සඳහා මේ ව්‍යාපෘතිය ඉන්දියානු සමාගමකට දිය යුතුයි. එවිට ලංකාවේ සියළු දෙනාගේ මුහුණු ලක්ෂණ ඇතුළු ජෛවමිතික ලක්ෂණ, පවුල් ගස, ලෙඩරෝග, ගන්නා ඖෂධ, බැංකු ගිණුම් තොරතුරු ආදිය ඉන්දියාව සතු වෙනවා. එය ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් වීමට සමානයි.

ඉන්දියාව ලංකාවේ ආණ්ඩුව යටත්වීමට එකඟ කර ගත්තේ ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන ඩොලර් බිලියන 4ක ණයක් දීලා. යුද්ධයක් කරලා යටත් කරන්න ගියානම් ඊට වඩා වියදම් වෙනවා. මේ දියත් වෙමින් තියෙන්නේ ඩිජිටල් යුද ආක්‍රමණයක්.

ටෙන්ඩර් කැඳවීම

මේ සඳහා ටෙන්ඩර් කැඳවීම කළේ මේ වසරේ මැයි 8 වැනිදා. ටෙන්ඩරයේ අවසන් දිනය තිබුණේ ජුලි 3 වැනිදා. නමුත් එක සමාගමක් ඉලක්ක කරගෙන ඒ දිනය කීප වතාවක් වෙනස් කළා. අගෝස්තු 14ට කල්දාලා පසුව ජුලි 18ට ගෙනාවා. නැවත අගෝස්තු 1 නිවේදනය කර පසුව අගෝස්තු 2 දක්වා අවසන් දිනය වෙනස් කළා. මේ වෙනස් කිරීම පසුපස තිබෙන අබිරහස කුමක්ද?

කොහොම වුණත් අගෝස්තු 2 වනවිට ටෙන්ඩර ලංසු ඉදිරිපත් කර තිබුණේ ඉන්දියානු සමාගම් දෙකයි. ඒ Madras Security Printers සහ Protein Technologies යන සමාගම් දෙක. අසීමිත වගකීම් භාර ගැනීමට පැනවූ අභූත ටෙන්ඩර් කොන්දේසිය නිසා වෙනත් සමාගම් ඉදිරිපත් වුණේ නෑ. Protein Technologies සමාගමත් පදනම් හැඳුනුම්පත් ව්‍යාපෘතියක් නැති නිසා ප්‍රතික්ෂේප වේවි. හෙට වනවිට ටෙන්ඩරය ලබාදීමට නියමිතව තිබෙන්නේ Madras Security Printers සමාගමට.”

ටෙන්ඩරය හිමි කරගැනීමට නියමිත කුප්‍රකට  Madras Security Printers සමාගම

“එම සමාගමටම තමයි 2016 වසරේ මත්පැන් බෝතල්වල අලවන ස්ටිකරය මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ලබා දුන්නේ. ඔවුන් විශ්වාසය කඩ කළා. හොර අරක්කු සඳහා සිය ස්ටිකරය විකුණනවා. මේ ජාවාරම නිසා වසරකට රුපියල් බිලියන 60ක පමණ සුරාබදු ආදායමක් රජයට අහිමි වන බව අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්‍තුවේදී කිව්වා. ඒ සමාගමටම තමයි හැඳුනුමපත් ටෙන්ඩරයත් දෙන්න යන්නේ.

මේ සමාගම කෙනයාව, ලයිබීරියාව, සුඩානය වැනි රටවලත් අසාදුලේඛනගත සමාගමක්. ඔවුන් කලින් පිලිපීනයේ විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතියකට මැදිහත්වී අසාදුලේඛනගත වුණා.

මෙවැනි සමාගමක් හරහා ඉන්දියාව ලංකාව මත ඩිජිටල් ආක්‍රමණයක් සිදුකරන බව පැහැදිලියි. ඒ නිසා මේ ව්‍යාපෘතිය වහාම හකුලා ගන්නා ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. නව විද්‍යුත් හැඳුනුම්පත ප්‍රතික්ෂේප කරන ලෙස හා එයට තොරතුරු ලබා නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිවුලපතාන ගමට පැමිණ සිංහල ගැමියන් සමග ගැටුමක් ඇති කරගන්න ගිය රාසමාණික්කම්ගේ ගෝලපිරිසගේ තැත වරදී!

Next Post

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 90%ක් නැතිනම් විදුහල්පතිට වැටුප් වර්ධක නෑ… මධ්‍යම පළාතේ අධ්‍යාපන තීන්දුවක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.