බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට සිට තෙල් නෑ… එහෙම වුනේ ඇයි… බෙදුම්කරුවන්ගේ සංගමය කතා කරයි!

by editor
ඔක්තෝබර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

හෙට සිට ඉන්ධන බෙදුම්කරුවන් වර්ජනයකය. සරල කතාව හෙට සිට සිපෙටිකෝ ෂෙඩ්වල තෙල් නැත.  ඉන්ධන ඇනවුම් නොකර සිටිමට ඉන්ධන පිරවුම්හල් හිමියෝ තීරණය කර සිටිති. සිදුවන්නේ කුමක් ද?.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් බැදුම් කරුවන්ගේ සංගමයේ සභාපති කපිල නාඔටුන්නගෙන් අපි විමසුවෙමු. මේ කපිල නාඔටුන්න ලංකාසර සමග කළ සංවාදය ය.

  • ප්‍රශ්නය – හෙට සිට ෂෙඩ්වල තෙල් නැද්ද?

පිළිතුර – ඔව්… සිපෙටිකෝ පිරවුම්හල් හෙට සිට ඉන්ධන ඇනවුම් කරන්නෙ නෑ.

  • ප්‍රශ්නය –  එහෙම වෙන්න  හේතුව මොකක් ද?

පිළිතුර –  මේක අපි කරගන්න දෙයක් නැති තැන ගත්තු තීරණයක්. ඔබට මුල සිටම මේ සිද්ධිය විස්තර කරන්නම්.

1961 අවුරුදෙ ඛණිජතෙල් නීතිගත සංස්ථාව ආරම්භ වුන දා ඉඳලා බෙදුම්කරුවන්ට නියම වෙලා තිබුණෙ රජය නිශ්චය කරන මිලකට තෙල් විකුණලා එයින් කොමිස් මුදලක් ලබා ගැනීම. ඒ කොමිස් මුදල සියයට තුනයි.  ඒ සියයට තුනේ කොමිස් මුදල දීලා නැවත සියයට දශම දෙකයි පහක් සංස්ථාව අයකරගත්තා පරිහරණ ගාස්තු කියලා. එතකොට සමස්ථ කොමිස් මුදල විදිහට බෙදුම් කරුවන්ට ලැබුණෙ මුලු අලෙවියෙන් සියයට දෙකයි දශම පහයි. බෙදුම්කරුවන්  සියලු දේ කළේ ඒ මුදලින්.

දැන් වෙලා තියෙන්නෙ එක්වරම මේ සියයට දෙකයි දශම හතයි පහේ  කොමිස් මුදලින් සියය හතලිස් පහක්, ඒ කියන්නෙ අඩකට ආසන්න ගණනක් දක්වා පරිහරණ ගාස්තුව වැඩි කරලා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • ප්‍රශ්නය –  මේ මුදල් අය වෙන්නෙ එක් එක් මාසයකට අදාල ඉපැයීම් වලට ද?

පිළිතුර –  නෑ… ඒක තමයි මේ පිළිවෙතේ තියන අන්තිම අසාධාරණ තැන. මේ මාසික අයකිරීම කරන්නෙ ගිය අවුරුද්දෙ අදාල මාසයේ  අපේ සියයට තුනක කොමිස් මුදල  පදනම් කරගෙන.  .

පොඩ්ඩක් හිතන්න. අපිට ගිය අවුරුද්දෙ අවශ්‍ය තරම් ඉන්ධන තිබුණා. දිනපතා ඉන්ධන විකිණුවා. ඒත් මේ අවුරුද්ද කියන්නෙ බරපතල ඉන්ධන අර්බුදයක් ඇති වෙච්චි අවුරුද්දක්. ඉන්ධන තොග නෑ.  එක දවසක් උදේ  තෙල් ගැහුවොත් හවස ෂෙඩ් එක වහනවා. සෑම සතියකමට දවසක් දෙකක් ෂෙඩ් වහලා. එහෙම තියෙද්දි මේ අය ගිය අවුරුද්දෙ අදාල මාසයට  ලැබුණු ආදායමින් සියයට හතලිස් පහක් පරිහරණ ගාස්තුවක් හදලා මේ අවුරුද්දෙ මාසයට අපෙන් අය කරනවා.

මේක ලෝකෙ කොහෙවත් වෙන වැඩක් ද?. වැඩක් කරනකොට සාධාරණ විය යුතු නැද්ද?.

  •  ප්‍රශ්නය – ඔබ මේ ගැන කිසිවෙක් සමග සාකච්ඡාවකට ගියෙ නැද්ද?

පිළිතුර – ඇයි  නැත්තේ. සභාපතිවරයා  එක්ක කතා කළා. සාමාන්‍යාධිකාරීවරයා එක්ක කතා කළා. ඔවුන් අපට පැහැදිලි පොරොන්දුවක් දීලා තිබුණා මේ ක්‍රියාමාර්ගයට යන්නෙ නෑ කියලා.

අපට එහෙම පොරොන්දු වෙලා තිබෙද්දි අද සවස 4.30ට පමණ එක්වරම පරිහරණ ගාස්තු කියලා ගණනය කරලා ලක්ෂ 330කට වැඩි මුදලක් බෙදුම්කරුවන්ගෙන් අය කරගෙන. නියෝජ්‍ය මූල්‍ය සාමාන්‍යාධිකාරීවරයා තමයි මේ පියවරට යන්න මේ අයකරගැනීම කරන්නෙ සංස්ථා පාලිත පිරවුම්හල්වලින්.

  • ප්‍රශ්නය – සංස්ථා පාලිත පිරවුම්හල් කීයක් තියනව ද?

පිළිතුර  –  සංස්ථා පාලිත ෂෙඩ් 250ක් තියනවා.

  • ප්‍රශ්නය –  හෙට සිට වර්ජනයක් දියත් වෙන්නෙ මේ පිරවුම්හල් 250 විතර ද?

පිළිතුර  – නෑ… රටේ සිපෙටිකෝ පිරවුම්හල් 1250ක් තියනවා. ඉන් 250ක් සංස්ථා පාලිත පිරවුම්හල්. අනේක 1000 පුද්ගලික අංශයේ පිරවුම්හල්.  හෙට සිට සිපෙටිකෝ පිරවුම්හල්වල මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නවා. ඒ කියන්නෙ අපි ඉන්ධන ඇනවුම් කරන්නෙ නෑ.

විසඳුමක් නැති ඉදිරියට යනවා නම් රටේ තියන අයිඕසී පිරවුම්හල්  290ත් අප සමග එකතු වෙනවා. මොකද අපි සියලු දෙනාම ඉන්නෙ ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියන පොදු සංගමයෙ සාමාජිකයො. එක් පාර්ශවයකට අසාධාරණයක් වනවිට ඔවුන් සියලුදෙනාම එකමුතුව ඉදිරියට එනවා.

  • ප්‍රශ්නය – ඔබ හිතනවද මේ අවස්ථාවෙ ඔබ ගන්න මේ ක්‍රියාමාර්ගය සාධාරණයි කියලා

පිළිතුර – ඔබ මෙහෙම හිතන්න. ඔබට රුපියල් සීයක ලාභයක් තියාගෙන බඩුවක් විකුණන් දීලා එ් ලාභයෙන් එක්වරම සියයට හතලිස් පහක් කපා ගන්නවා. ඒක හරි ද?

බෙදුම්කරුවො කියන්නෙ නීත්‍යානුකූල කොමිස් මුදලක්  මත පදනම්ව ලාභයක් උපයන අය. ඔවුන් පිරවුම්හල නඩත්තු කරන්න ඕන, සේවක පිරිසට පඩි ගෙවන්න ඕන, ස්වකීය ව්‍යාපාරය පවත්වාගෙන යන්න ඕන මේ කොමිස් මුදලෙන්.

එහෙම තියෙද්දි ගිය අවුරුද්දෙ උපයපු ආදායම ගණන් බලලා ඒකෙන් සියයට දශම දෙකයි පහක් අය කරගෙන ඉතිරි මුදලිනුත්  හතලිස් පහක් නැවත අය කරගැනීම සාධාරණ වෙන්නෙ මොන ධර්මතාවයක් යටතෙ ද?.

මේ තරම් ඉන්ධන තොග පහළ වැටිලා තියෙද්දි,  විකුණන්න ඉන්ධන නැතිවෙලා තියෙද්දි මේ තරම් ඉහළ උද්ධමනයක් නිර්මාණය වුන පසුබිමක සේවක පඩි නඩි ගෙවාගෙන කොහොමද මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නෙ.

අපට පුදුමයි මේ වගේ තීන්දුව  මේ මිනිස්සු ගන්නෙ කොහොමද කියලා…

  • ප්‍රශ්නය – මේ තත්ත්වය විසඳා ගත හැක්කේ කොහොම ද?

පිළිතුර – ඉතාම පැහැදිලියි. අද හවස අත්තනෝමතිකව අය කරගත්ත මුදල ආපහු දෙන්න අවශ්‍යයයි. මේ විෂම අයකරගැනීම නවත්වා සාධාරණ පිළිවෙතකට යෑම අවශ්‍යයයි.

ඒ තැනට සංස්ථාව එනතුරු අප පිරවුම්හල් සඳහා ඉන්ධන ඇනවුම් කරන්නෙ නෑ. ඒ කියන්නෙ ෂෙඩ්වල තෙල් නෑ. දිගටම මේ තත්ත්වය පැවතුනොත් අයි,ඕ.සී. පිරවුම්හල් අප සමග එකතු වෙනවා.

අවසානයෙදි රටේ කිසිම පිරවුම්හලක ඉන්ධන නැති තැනට පත් වේවි. එහෙම කරන්න එපා කියන ඉල්ලීම අපි ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබන වසරේදී ජපානයේ සාත්තු සේවක රැකියා 1,000 ක් – මේ වසරේදී රැකියා 150 ක්

Next Post

නොමග යන්න එපා… ඉන්ධන දෙනවා. බලශක්ති ඇමති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.