කීර්ති ප්‍රනාන්දු –
මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් 07 දෙනෙකු කෝවිඩ් ආසාදිත බවට වාර්තා වී ඇතැයි මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා පවසයි.
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කොරෝනා ආසාදිත 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා උල්ලලපොල කණිෂ්ඨ විද්‍යාලය තුළ විශේෂ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවත් නිරෝධායනය වන සිසුන් සඳහා නියමිත විභාග මධ්‍යස්ථාන තුළ වෙනම පන්ති කාමර තුළ විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇති කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා පැවසීය.
ඔහු වැඩිදුරටත් පවසුවේ මේ වන විට මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් අතර පෙරට වඩා කොවිඩ් රෝගී තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත් සැලකිය යුතු සිසුන් පිරිසක් පාසල්වලට නොපැමිණෙන බවත් ලැබෙන තොරතුරු අනුව උණ ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම සිසු සිසුවියන් පාසල් වලට පැමිණ නැති බවය..