හෙට දිනයේත් (8) ඊ සහ එෆ් කාණ්ඩවලට පැය හත හමාරක් සහ සෙසු කලාප අටට පැය තුනක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම ඊට හේතුව බව විදුලිබල මණ්ඩලය කියයි.
ඊ සහ එෆ් කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැය 2 විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් සෙසු කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා රාත්‍රී කාලයේ පැයක් ද, විදුලිය කප්පාදු කරන බවත් විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කියයි.







