අමායා උඩුවැරැල්ල –
මධ්‍යම ඇමරිකාවේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටි රටක් වන බෙලීස් ( Belize ) හි ධජය සහිත නෞකාවකට යේමන හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් සැතපුම් 18 (කිලෝමීටර් 29) තෙල් තට්ටුවක් ඇති වී ඇති බව එක්සත් ජනපද හමුදාව විසින් ඊයේ ( 24 ) ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ප්‍රහාරයට ලක් වන විට එහි පොහොර ටොන් 41,000 කට වඩා ප්‍රවාහනය සිට ඇති බවත් මේවා රතු මුහුද ට කාන්දු වීමෙන් විශාල පරිසර විනාශයක් සිදු විය හැකි බවටත් එම ප්‍රකාශයේ සඳහන් වනවා.
බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි, ලෙබනනය විසින් ක්‍රියාත්මක කරවන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන මෙම Rubymar නම් නෞකාව, රතු මුහුද සහ ඒඩන් බොක්ක යා කරන Bab el-Mandeb සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් සිටියදී ප්‍රහාරයට ලක් ව තිබුනේ පසුගිය පෙබරවාරි 18 වන දිනයි.







