පකිස්ථානයේ සින්ද් ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් ප්‍රාණ ඇපයට ගත් කාන්තාවන් සහ ළමුන් ඇතුළු හින්දු ජාතිකයින් තිස් දෙනෙකු පිළිබඳව පකිස්ථානයේ මානව හිමිකම් කොමිසම අනතුරු අඟවා ඇත.
මෙම තත්ත්වයත් සමඟම පාකිස්ථානයේ සින්ද් හි කෂ්මෝර් සහ ගොට්කි දිස්ත්‍රික්කවල නීතිය හා සාමය පිරිහී ඇති බවටද එරට මානව හිමිකම් කොමිසම ට්විටර් සටහනක් තබමින් පෙන්වා දී තිබේ.
මේ අතර මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් නවීන ගිනි අවි භාවිතා කරමින් හින්දු ප්‍රජාවගේ ආගමික ස්ථාන වලට පහර දෙන බවටද තර්ජනය කර ඇති බවටද තොරතුරු ලැබී ඇති බව පාකිස්තාන මානව හිමිකම් කොමිසම අනාවරණය කරයි.
එමෙන්ම පසුගිය මාස කිහිපය තුළ, සින්ද් ගම්මානයේ ෂයික් භිර්කියෝ සහ ටැන්ඩෝ අල්ලායාර් දිස්ත්‍රික්කයේ හින්දු සුළුතරය ඉලක්ක කර ගනිමින් සිදුවීම් කිහිපයක් මතු වූ බව බිටර් වින්ටර් වාර්තා කරයි.
මීට සමානම සිදුවීම් පකිස්තානයේ පිහිටි හින්දු දේවස්තාන වලට පහර දීමේ සිදුවීම් පසුගිය දශක කිහිපය තුළ සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. මේ අතර වඩාත් මෑත සිදුවීමක් වූ ඉකුත් ඉරිදා අලුයම සින්ද් හි කාෂ්මෝර් ප්‍රදේශයේ හින්දු ප්‍රජාවේ සාමාජිකයින්ට අයත් දේවස්තානයකට සංවිධානත්මක කල්ලියක් විසින් “රොකට් ලෝන්චර්” යොදාගෙන ප්‍රහාරයක් එල්ල කර ඇති බවටද පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබිණි.
තත්ත්ව තවත් දරුණු කරමින් මීට දින කිහිපයකට පෙර පාකිස්තාන මාධ්‍ය විසින් වර්තා කර සිටියේ කරච්චි නුවර වසර 150 ක් පමණ පැරණි හින්දු දේවස්තානයක් කඩා බිඳ දැමීමට සංවිධානාත්ම කල්ලියක් විසින් පියවර ගෙන තිබිණි.
ඒ අනුව උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පාකිස්තානයේ සිටින හින්දු භක්තිකයින්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවී තිබුනද බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට යම් මැලි කමක් දක්වන බවටද මානව හිමිකම් ක්‍රියාකාරීන් වැඩිදුරටත් පේනවා දෙයි.