අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හුදකලා කළ ප්‍රදේශ හැර  බස්නාහිර පළාත් පාසල්වල 11 ශ්‍රේණිය 25 දා සිට ඇරෙඹේ

by editor
ජනවාරි 4, 2021
in පුවත්
SchoolOpen
Share on FacebookShare on Twitter

කොවිඩ් හේතුවෙන් හුදකලා කරන ලද පොලිස් වසම් තුළ පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ අනෙකුන් පාසල්වල 11 ශ්‍රේණිය ජනවාරි මස 25 වැනි දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්  පැවසීය.

බස්නාහිර හා හුදකලා ප්‍රදේශවල හැර දිවයිනේ සෙසු පළාත්වල පාසල් ප්‍රාථමික  ශ්‍රේණි ද ඇතුළත් ව ජනවාරි මස 11 වැනි දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පියවර ගෙන ඇති අතර, එළඹෙන මාර්තු මස පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණය කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාව සලකා බස්නාහිර පළාතේ ද 11 ශ්‍රේණි සිසුන් සම්බන්ධයෙන් මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට 1-11 ශ්‍රේණි දක්වා සියලු පාසල් සිසුන්ට අදාළ පෙළ පොත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් වෙත බෙදාදීමට පියවර ගෙන ඇති බව ද මීට අමතරව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් ඕනෑම පෙළ පොතක් අන්තර්ජාලය හරහා බාගත කරගැනීමට ද අවස්ථාව සලසා ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසරේ මාර්තු මාසයේ අග හෝ අප්‍රේල් මාසයේ මුල් සතිය වනවිට ලබාදීමට පියවර ගන්නා බවත්, ඒ අනුව, ඔවුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා ඉතා කෙටිකාලයක් තුළ සම්පාදනය කර දෙමින් කොවිඩ් හේතුවෙන් මඟහැරී ගිය කාලය පාඩුවක් නොවන අයුරින් ආවරණය කරන්නට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වාදුන්නේ ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන් ම, පසුගිය වසරේ දෙසැම්බර් මාසයට යෙදී තිබූ සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මාර්තු මාසයට කල් දැමීම නිසා දරුවන්ට කිසිදු පාඩුවක් හෝ කාලය අපතේ යාමක් සිදු නොවන්නට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉතා ඉක්මණින් ලබාදීමට පියවර ගන්නා බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා, එම දරුවන් වෙනුවෙන් උසස් පෙළ පන්ති ජූලි මාසය වනවිට ම ආරම්භ කිරීමට ද සියලු පියවර ගන්නා බව පැවසීය.

පාසල් සිසුන් ප්‍රවාහනය, පාසල්වල විවේක කාලය පැවැත්වීම, ගුරුවරුන් සිසුන් සහ දෙමව්පියන් විසින් අනුගමනය කළ යුතු පොදු උපදෙස් ද ඇතුළත් මාර්ගෝලදේශ මාලාවක් සෑම පාසලක් වෙත ම මේ වනවිටත් නිකුත් කර ඇති බවත්. ජනවාරි 6 වැනි බදාදා දින සිට ජනවාරි 10 ඉරිදා  දක්වා කාලය තුළ පාසල් තුළ මෙම සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළ පදනම් කරගනිමින් ගුරු-දෙගුරු හමුවීම් හා සාකච්ඡා මෙන් ම පාසලට අදාළ සෞඛ්‍යාරක්ෂණ වැඩපිළිවෙළ සකස් කරගත යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 මින්පසු අවුරුදු 16 අඩු අයට රැකියා බැහැ.

Next Post

උදයංගගේ හිතුවක්කාරකම් ගැන සංචාරක සභාපතිනියගෙන් ඇමතිට පැමිණිල්ලක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.