හිරු රූපවාහිනී නාළිකාව මගින් පැවැත්වූ රියැලිටි වැඩසටහනක ජයග්‍රාහකයා රැගෙන මහමග විශාල ජනකායක් රැස් කරමින් යන පෙළපාලිය නැවැත්වීමට අධිකරණ නියෝගයක් ලබාගැනීමට පොලීසිය කටයුතු නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතාගෙන් විමසීමක් කරයි.
රටේ වසංගත තතත්වයක් තිබියදී රැස්වීම් පෙළපාලි සීමා කර තිබෙන අවධියක මේ සදහා ඉඩදීම එකම රටක් එකම නීතියක් යන්නට පටහැනි නොවේදැයි මන්ත්‍රීවරයා විමසා සිටී.
මේ පිළිබද වහාම හිරු නාළිකාවෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස පොලීසියට උපදෙස් දෙන ලෙස ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.