හිටපු මුදල් ඇමති ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකේය දේශපාලඥ මංගල සමරවීර මීට ස්වල්ප වේලාවකට පෙර කොවිඩ් ආසාදිතව මිය ගියේය.
ඔහු කොවිඩ් ආසාදිතව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු පුරා දින කීපයක් සිටියේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමිනි. ලිබරල් දේශපාලන චින්තනයක් සහිත මේ විශිෂ්ට මනුෂ්‍යයා මේ රටේ තීරණාත්මක දේශපාලන අවස්ථා ගණනාවක මැදිහත් කේන්ද්‍රීය චරිතයක් ලෙස කටයුතු කළේය. වත්මන් අගමැතිවරයා සමග එක්ව එවකට එක්සත් ජාතික පක්ෂය උඩු යටිකුරු කළ විරෝධතාවය වූ ජනඝෝෂාවේ ප්‍රධානම විප්ලවීය චරිතය වූයේ මංගලය.
මිය යනවිට ඔහු 65 වන වියේ පසු විය.