ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා මෙන්ම හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී දයා සඳගිරි සමගි ජන බලවේගයට එක් වී තිබේ.
දයා සඳගිරි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සිය දේශපාලන ගමනට සහයෝගය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් වූ බව එම පක්ෂය නිල වශයෙන් වාර්තා කර තිබේ.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් හිටපු නාවික හමුදාපති දයා සඳගිරි සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගෙන ඇතැයි එම පක්ෂය කියයි.
2001 ජනවාරි මස 1 වැනි දා ශ්‍රී ලංකා නාවුක හමුදාපතිවරයා ලෙස පත් වූයේය. දයා සඳගිරි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ විශ්වාසවන්තම නිලධාරියෙක් ලෙස කටයුතු කරනු ලැබුවේය.