සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට වඩා මේ ජනපති සහ අගමැති ආරක්ෂාව වැඩි කරන් මහජන නියෝජිතයන්ගේ ආරක්ෂාව ඉවත් කරනවා… මුජිබර් කියයි!

by editor
නොවැම්බර් 2, 2025
in පුවත්
Mujibur Rahuman

මුජිබර් රහුමාන්

Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාත් අගමැතිවරියත් සිය ආරක්ෂාව හිටපු ජනාධිපතිවරුන්ට සහ අගමැතිවරුන්ටත් වඩා වැඩි කරගෙන මහජන නියෝජිතයන්ට ආරක්ෂාව ලබා නොදීමට ගත් දේශපාලන තීන්දුව  මේ රජයේ  කුහකකම ප්‍රදර්ශනය කිරීමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුවේය.

අද (01)  ඔහු කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා  ප්‍රකාශ කළේ පොලිස්පතිවරයා ද මහජන නියෝජිතයින්ට ආරක්ෂාව  දීමට ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බවය. ජනතා නියෝජිතයන්ගෙන් ආරක්ෂාව ඉවත් කිරීම රජයේ දේශපාලන තීන්දුවක් බව පොලිස්පතිවරයා ද පැවසුවේ යැයි    මන්ත්‍රීවරයා කීවේය. ඔහු පෙන්වා දුන්නේ  පුද්ගල ආරක්ෂාව සැපයීම ආරක්ෂක බලධාරීන් විසින් විමසා බලා ගත යුතු තීන්දුවක් මිස දේශපාලන තීන්දුවක් විය නොහැකි බවය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

“විවිධ දේශපාලන අදහස් දරන අය ඉන්නවා. මන්ත්‍රීවරුන්ට කැමති හා අකමැති අය ඉන්නවා. මේ සමාජය හරිම ප්‍රචන්ඩකාරී. පොඩි වචන හුවමාරුවක් මිනී මැරුමක් දක්වා වර්ධනය වෙනවා. තවම ඒ දේවල් පවතිනවා.”

“මහජන නියෝජිතයන් ගැවසෙන්නේ ජනතාව එක්ක. ඒ වගේ අවස්ථාවලදි    ඔවුන්ට යම් යම් ආරක්ෂාවක් ලබා දිය යුතුයි.  උදාහරණයක් ගත්තොත් දැන් ආණ්ඩුවේ ජනප්‍රිය භාවය අඩු වෙනවා. එතනදි යම් ආනාරක්ෂිත භාවයක් ඒ අයතට ඇති වෙනවා. ඒක තමයි ඇත්ත.  මුකුත් වුනාට පස්සේ කිසිම දෙයක් කියලා වැඩක් නෑ. අරගල සමයේ දී ඝාතනය වුන මන්ත්‍රීවරයා ඝාතනය වුනේ ආරක්ෂකයො එක්ක ඉන්නකොට. ඔහු අපේ දේශපාලන අදහස් දරපු කෙනෙක් නෙමෙයි. නමුත් ඔහු ඉතාම අහිංසක පුද්ගලයෙක්. “

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

“ජනාධිපති තුමා විපක්ෂයේ ඉද්දි  ජනාධිපතිවරුන්ගේ  ආරක්ෂාව සම්බන්ධ විරෝධයක් දැක්වුවා. දැන් හිටපු ජනාධිපතිවරුන්ටත් වඩා ජනාධිපතිතුමාගේ ආරක්ෂාව වැඩි කරලා තියනවා. “

“අගමැති තුමියගේ ආරක්ෂාව  ඇය එපා කිව්වා. දැන් අගමැති තුමිය පාර්ලමේන්තුව තුළ එහා මෙහා යනකොට ආරක්ෂාව දෙනවා. ඉස්සර මේවා ජනාධිපතිතුමා නිර්දය විදිහට විවේචනය කළා. අගමැතිවරුන්ට පාර්ලිමේන්තුව ඇතුළෙ දි ආරක්ෂාව දෙනවා කියලා නිර්දය ලෙස විවේචනය කළා.  දැන් මොකද කියන්නේ.”

“මුලින්ම කියන්න ඕන  අපි මේවට විරුද්ධ නෑ. අපි කවදාවත්  ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කරන්න ඕන කියලා කියලා නෑ. අපි කුහක නෑ. විපක්ෂයේ ඉන්නකොට එක අදහසකුත් ආණ්ඩුවේ ඉන්නකොට තව අදහසකුත් නෑ.  එහෙම මතවල නෑ. එදත් කිව්වේ ජනාධිපති අගමැති  මැති ඇමතිවරුන්ට ආරක්ෂාව දෙන්න කියලා.”

“ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ආණ්ඩුවටත් වගකීමක් තියනවා මන්ත්‍රීවරුන්ගෙ ආරක්ෂාව තර කරන්න. ජනාධිපතිතුමා විතරක් ආරක්ෂාව වැඩි කරගෙන අනෙක් මහජන නියෝජිතයන්ට ආරක්ෂාව දෙන්නෙ නෑ කියන්නේ එතන දේශපාලන ප්‍රශ්නයක් තියනවා.”

“ජනාධිපතිවරයා දේශපාලන ගේමක් ගහන්න හදනවා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව නොදී ඔවුන්ගේ කටවල් වස්සන්න. ඒක දේශපාලන තීන්දුවක්. ඒක පොලිස්පති තුමාට කිව්වම පොලිස්පති තුමා කිව්වා දේශපාල තීන්දුවක් ආණ්ඩුව අරන් තියනවා කියලා. “

“මම පොලිස්පති තුමාගෙන ඇහුවා ආරක්ෂාව සම්බන්ධයෙන් දේශපාලන තීන්දු ගන්නේ කොහොමද කියලා.  මම කිව්වා එහෙම  ආරක්ෂාව සම්බන්ධයෙන් දේශපාලන තීන්දු ගන්න බෑ. ඔබතුමා පොලිස්පතිවරයා ලෙස මේකට වග කියන්න ඕන. ඔබතුමා ආණ්ඩුවට කිව්වද මේ දේශපාලන තීන්දුව වැරදියි කියලා. “

“පොලිස්පති තුමා කිව්වා ඔව් මම ආණ්ඩුවට කිව්වා කියලා. එතකොට පොලිස්පති තුමත් ආරක්ෂක මණ්ඩලයට කියලා තියනවා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්න ඕන කියලා. නමුත් ආණ්ඩුව දේශපාලන තීන්දුවක් අරන් තියනවා ආරක්ෂාව නොදී ඉන්න. ඒක දේශපාලන තීන්දුවක්.  “

“ආරක්ෂාව පිළිබඳ දේශපාලන තීන්දු ගේන්න බෑ. ඒක කරන්න ඕන මේ රටේ ආරක්ෂක නිලධාරීන්.  ජනාධිපතිතුමා ආරක්ෂාව පිලිබඳ දේශපාලන තීන්දුවක් අරගෙන මන්ත්‍රීවරුන් සියලු දෙනාගෙම ආරක්ෂාව අයින් කරලා තියනවා. “

“ආරක්ෂාව දෙන්නේ නෑ කියලා අපි වැඩ නතර කරන්නේ නෑ. මේ අයගෙ තියන කුහකම, මේ අය මොනතරම් දෙපිටකාට්ටු අය ද  කියලා රටට කියන්න ඕන.  විපක්ෂයේ ඉන්නකොට දරන අදහසයි, ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට දරන අදහසයි දෙකක්.  මේ අයගේ දෙබිඩි පිළිවෙත හෙළි දරවු කරන්න තමයි අද මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අධිකරණ සේවා කොමිසම විනිසුරුවරුන් 20ක් සේවාවලින් ඉවත් කරයි… 07ක ගේ සේවය අවසන් කරයි…. ඉතිරි 13 වැඩ තහනමකට හෝ අනිවාර්ය නිවාඩු යැවීමකට යටත් කරයි…

Next Post

වව්නියාව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් හදිසියේ මිය යයි… නවක වදයේ තවත් බිල්ලක් දැයි සැකයක්!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.