හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියට පැමිණියේය.
ඒ කෘෂිකර්ම අමාත්‍යංශයට රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් කුලියට ගැනීම පිළිබද විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.
හිටපු ජනාධිපතිවරයාගේ රජය සමයේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දුමින්ද දිසානායක විසින් ප්‍රවීන නිලි සබීතා පෙරේරාට අයත් ගොඩනැගිල්ලක කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගැනීම මාසික කුලිය වශයෙන් රුපියල් ලක්ෂ 240ක් ගෙවා තිබිණි.
එම ගෙවීම රට තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.







