හිටපු කැබිනට් ඇමතිවරු සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති නිල නිවසේ දී පැවැත්වීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වේ.
රටේ උද්ගතව ඇති වත්මන් තත්වය හමුවේ නව ඇමති මණ්ඩලය පත් කරගැනීමේ දී හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකුට ඇමති තනතුරු අහිමි වීම සහ ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුම්වත් වීමට මෙම හමුව කැඳවා ඇත.
රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සමනය කරමින් රට ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය යෝජනා සහ අදහස් විමසීම ද මෙම හමුවේ එක් අරමුණක් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.