හලාවත මෝයකට ආසන්නයේ දියනෑමට ගිය තිදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇතැයි හලාවත පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ එකම පවුලේ පියා (35), පුතා(06)ත් මිය ගිය පුද්ගලයාගේ 07 හැවිරිදි ඥාති පුත්‍රයෙකුත්ය.
හලාවත මෝයකට ආසන්නයේ දියනෑමට ගොස් දී දියේ ගිලිමෙන් මෙම මරණ සිදු වී ඇති බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ඩබ්ලිව්.ඒස්.ප්‍රියදර්ශන, ඔහුගේ දියණිය වන සහ හැවිරිදි ඩබ්ලිව්.ඒස් ප්‍රියදර්ශනී නිහංසා, සහ මියගිය අයගේ ඥාති පුතකු වන හත් හැවිරිදි ඩබ්ලිව්. සිතිජ සක්මින් යන තිදෙනාය.
මෙම පිරිස මීගමුව ගල්කඩුව දළුපොත සිට හලාවත ඥාති නිවෙසකට ගොස් පසුව මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇතැයි පොලිසිය කියයි.
දිය ගිලුණු තවත් කුඩා දරුවකු ඇතුළු තවත් දෙදෙනකු හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය කියයි.