අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරීන්ගේ සොයුරියගෙන් සී.අයි.ඩී. ය ප්‍රශ්න කරයි…

by editor
මැයි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්දයෙන් විමර්ශනපවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තතුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ස.ජ.බ පාර්ලිමේන්ත්‍රී   හරීන් ප්‍රනාන්දුගේ සහෝදරියගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්නකර තිබේ.

ඊට මුල්වී ඇත්තේ පාස්කු  ප්‍රහාරයෙන් පසු දින හරීන් ප්‍රනාන්දු  මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරයට පෙර දින රෝහල්ගතව සිටි සිය පියා පාස්කු දින පල්ලි නොයන ලෙසත් ප්‍රහාරයක් එල්ලවීමට නියමිතව ඇති බවත් කළ ප්‍රකාශයයි.

එම  මාධ්‍ය හමුවේදී හරීන් ප්‍රනාන්දු සිය පියා ඒ කථාව තමාට පැවසූ බව සඳහන් කළ බව කීවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන කොමිසම හමුවේ ඔහු සාක්ෂි දෙමින් පවසා තිබුණේ වෙනත් කථාවකි. එනම් ඒ කථාව සිය පියා විසින් පවසා තිබුණේ තමාට නොව, සිය වැඩිමහල් සහෝදරියට බවය. පාස්කු ප්‍රහාරයෙන් පසුදින සහෝදරිය තමාට දුරකතන ඇමතුමක් දෙමින් සිය පියා පෙරදින තමාට (සහෝදරියට) පල්ලි නොයන ලෙස දැනුම් දුන් බවත් ප්‍රහාරයක් එල්ලවන බවත්   කී බව  පාස්කු කොමිසම හමුවේ හරීන් සඳහන් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් පාස්කු කොමිසන් සභා වාර්තාවේ සඳහන් කරුණු කෙරෙහි  විශේෂ අවධානයක් යොමු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භකරනු ලැබීය. හරීන් ප්‍රනාන්දු  තමාව අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් නියෝගයක් නිකුත්කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කරන්නේද මෙවන් පසුබිමක් තුළදීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් මෙතෙක් කර ඇති විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එදා මාධ්‍ය හමුවක් පවත්වමින්   කියා ඇත්තේ බොරුවක් බවය. මන්ත්‍රීවරියගේ සහෝදරියගෙන් ඉකුත් 29 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කර ඇත්තේද තවදුරටත් ඒ කරුණු තහවුරුකර ගැනීමටය. එහිදී   පැහැදිලිවම අනාවරණය වී ඇත්තේ සහෝදරියට පියා විසින් පාස්කු ප්‍රහාරයට පෙර දින කී කථාව පාස්කු ප්‍රහාරය සිදුවූ දින සවස සහෝදරිය විසින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට දුරකතන ඇමතුමක් දෙමින් සඳහන්කර ඇති බවය.  ඒ බව සහෝදරියගෙන් ප්‍රශ්න කිරීමේදී තහවුරුවී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ජංගම දුරකතනය ඇතුළු ඔහු භාවිතතා කළ වෙනත් දුරකතනද විශ්ලේෂණයකට ලක්කර ඇති අතර එහිදීද පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ ඔහු සහ පියා අතර ඒ වවකවානුවේදී සම්බන්ධයක් නොපැවති බවය.

එසේම සහෝදරිය විසින් ලබාදුන් දුරකතන ඇමතුමද පැහැදිලිවම එම විශ්ලේෂණයේදී තහවුරු වී ඇත. එසේම හරීන් ප්‍රනාන්දු   රෝහල්ගතව සිටි සිය පියාගේ දුක  සැප විමසීමට ගොස් නැති බවද විද්‍යාත්මක සාක්ෂි විශ්ලේෂණයෙන් තහවුරු වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ කොවිඩ් මරණ 11ක් … 07ක් මියගොස් ඇත්තේ කොවිඩ් නිවුමෝනියාවෙන්….

Next Post

ලබන සතියේත් පාසල් වැසේ… හෝටල් සමාජශාලා සාද අද සිට සති 02කට තහනම්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.