හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…

වැලිමඩ මියන්අරාව ප්‍රදේශයේ හරිතාගාරයක් තුළ ගංජා වගා කළ 38 හැවිරිදි එක්දරු මවක් නුවරඑළිය  පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් ඊයේ  (28)  රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය සමඟ ගංජා පැළ 1700 ක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා වැලිමඩ පොලිසිය වෙත භාර දී තිබේ.

නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙණ නිලධාරි පොලිස් පරික්ෂක එච්.එම්.ජේ.හේරත් වෙත ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.

අත්අඩංගුවට කාන්තාවගේ  සැමියා යුද හමුදා සෙබළෙක් බව වැටලීම සිදුකළ නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.


අත්අඩංගුවට ගත් ගංජා පැළ අඩි 3 සිට 5 දක්වා උසකට වැඩි තිබු බවත් ඒවාහි  බර කිලෝ ග්රෑම් 25 පමණ වන බවත් පොලීසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් විශේෂ කාර්ය බලකායේ මධ්‍යම කලාප භාර අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ  පොලිස්  අධිකාරි රත්නපිටියගේ සහ ප්‍රාදේශිය අණදෙන නිලධාරි පොලිස් අධිකාරි නෙත්තසිංහගේ උපදෙස් පරිදි නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙණ නිලධාරි පොලිස් පරික්ෂක එච්.එම්.ජේ.හේරත් ගේ අධික්ෂණය යටතේ මෙම වැටලීම සිදුකර ඇත.

Exit mobile version