අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හර්ස්වල නන්වා උදේ හවස දරුවන් පාසල් එවන අම්මලා තාත්තලා…

by editor
මැයි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීමේ විශේෂඥ කමිටුවේ සහය සහ සම්බන්ධීකරණය ඇතිව ශ්‍රී ලංකා රථවාහන පොලිසිය, මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කොළඹ  මහ නගර සභාව එක්ව  පාසල් 16 කට අධික ප්‍රමාණයක් ආවරණය වන පරිදි පාසල් ප්‍රදේශ 4 ක පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සහ බස් රථවල මාර්ග යෝග්‍යතාවය පසුගිය දා පරීක්ෂා කර තිබිණි.

අනාවරණය වූ තොරතුරු තිගස්වන සුළුය. බහුතරයක පාසල් දරුවන් ප්‍රවාහන රථ දරුවන් ප්‍රවාහනය සඳහා සුදුසු නිශ්චිත ප්‍රමිතියේ තිබුණේ නැත.  බොහෝ වෑන් රථ සහ බස් රථ දරුවන්ට ආරක්ෂිත ප්‍රවාහනයක් බවට ලබා දීමට  නිශ්චිත නිවැරදි කිරීම් සහ අලුත්වැඩියා කිරීම් සිදු කළ යුතු බව හෙළි විය.

පාසල් දරුවන් ප්‍රවාහන වාහන පරීක්ෂා කළ අවස්ථාවක්….

ළමා අපයෝජන වැළැක්වීම සඳහා වාහනවල අඳුරු කර ඇති වීදුරු ඉවත් කිරීම, කළ යුතුව තිබිණි.    රියදුරන්ගේ පෙනීම බාධා කරන ස්ටිකර්, ලාංඡන, විසිතුරු භාණ්ඩ, සැරසිලි ඉවත් කළ යුතු විය.

පොලිසිය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාරත්මේන්තුව මෙම වාහනවල බලපත්‍ර   ලබාගෙන අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කර ඒවායේ බලපත්‍ර සහ ආදායම් බලපත්‍ර ලබා ගැනීමට දින 30 ක කාලයක් ලබා දී තිබිණි. මේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට අසමත්වන පුද්ගලයින් උසාවි ක්‍රියාමාර්ගයක් වෙත යොමු කරනු ඇත.

මෙය ප්‍රමාද වී ගත් අනිවාර්යයෙන්ම ජාතියක් ලෙස මින් බොහෝ කලකට ඉහතදී ගත යුතුව තිබූ ප්‍රවේශයක් බව විශ්වාස කරමු.  ඔබ උදෑසන මගට බැස බලන්න. ඔබේ දරුවන් වැනි දරු පැටවු පාසල් වෙත රැගෙන යන්නේ ලංකාවේ ඇති ගර්හිතම වාහන යන්තම් අටවා ගැනීමෙන් බව ඔබේ ඇස්වලින් දැක ගත හැකිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ මොන රටක්දැයි අප කල්පනා කළ යුත්තේ ලෝකයේ කිසිම ශිෂ්ඨාචාරවත් ජාතියක් දරුවන් විෂයෙහි මේ තරම් වගකීම් රහිත, අනාරක්ෂත තීන්දු ගන්නා  මුග්ධයින් ලෙස  නොහැසිරෙන බැවිනි.

අලුත්වැඩියා කිරීම් රාශියක් සහිත පාලස් ප්‍රවාහන වෑන් රථයක්…

මේ රටේ ඇති වගකීම් සහගතම, නියාමනය කළ යුතුම සේවාවක් වන්නේ පාසල් ප්‍රවාහන සේවාවය. දරුවන් ලක්ෂ ගණනක ජීවිත වසරේ වැඩිම කාලයක් වැඩිම වාහන තද බදයක් ඇති කාලසීමාව තුළ මහ මගට ගෙන්වන්නේ පාසල් ප්‍රවාහන සේවය මගිනි. කොළඹ, නුවර, මාතර, කළුතර,  , ගම්පහ අවට මේ තත්ත්වය ඉතාම විශේෂය.

පසුගිය දා පාසල් ප්‍රවාහන සේවා පරීක්ෂා කිරීමේ දී  රියදරු මුතතනු කෙනෙක් හමුවිය. ඔහු 78 හැවිරිදි වියේ පසුවිය. මෙම රියදුරු මුත්තනුවෝ  තවමත් ගම්පහ සිට කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට පාසල් වෑන් රථයකින් දරු පැටවු ප්‍රවාහනය කරති.  අපට නම් ප්‍රශ්නය එම රියදුරු මුත්තනුවන් ගැන නොවේ. උන්දෑ සමග දරුවන් කොළඹ එවීමට තීන්දුකළ අම්මලා තාත්තලා  සම්බන්ධවය.

මේ ඛේදවාචකය සිදුවන්නේ දෛනිකව වයස අවුරුදු 19ට අඩු දරුවෙක් මහ මග මිය යන රටකය. ගිය වසරේ වසය අවුරුදු 19ට අඩු දරුවන් 400ක් රිය අනතුරුවලින් මිය ගියේය.

පාසල් දරුවන් අතරින් වැඩිම ප්‍රමාණයක් මිය යන ප්‍රධානම සාධකය රිය අනතුරුය. රිය අනතුරු යනු මිනිසා විසින් නිර්මිත ප්‍රධානම ව්‍යසනය ය. එවැනි වටපිටාවක් තුළ අපේ දරුවන් අනාරක්ෂිත ලෙස මහ මගට අත්හරින්නට හිත හදා ගන්නා අම්මලා තාත්තලාට කිව යුතු යමක් තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැලැක්වීමේ විශේෂඥ කමිටු සාමාජික වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ ( දකුණේ) ක්ෂේත්‍රයේ….

ඔබ දරුවාගේ අනාගතය ගොඩනැගීම සඳහා පාසල වෙත යවන්නට  උත්සාහ කරන්නේ හර්ස් එකක නම් ඒ පාසල් යැවීමේ අර්ථය නැවත ඔබව බරපතල ලෙස ප්‍රශ්න කරන බව ලියා තැබිය යුතුය.

බෙහෙත් නැතිව දරුවන් මැරෙන රටක, රටින් අඩක් ආහාර දරිද්‍රතාවයෙන් පෙලෙන රටක, දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට මූලික වියදම දරාගත නොහැකි මිනිසුන් සිටින රටක මුනිවත රකින නපුංසක අම්මලා තාත්තාල තමන්ගේ දරුවන්ගේ පාසලට යන වාහනය ගැන කල්පනා නොකරන ආකාරය තේරුම් ගත හැකිය.

ලෝකයේ ශිෂ්ට සම්පන්න මිනිස්සු  හොඳම දේ දෙන්නේ දරුවන්ටය.  අප අපේ දරුවන්ට දී ඇති හොඳම දේ කුමක් ද?. අප මොන මිනිස්සු ද?. අප තවමත් බලාගෙන සිටින්නේ මුන් රට ගොඩදාන තුරු නම් අපට කෙසේ වෙතත් අපේ දරුවන්ට අබ සරණය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෙනත් බන්ධනාගාරයකට මාරු කරන්න… යාපනයේ බන්ධනාගාරයේ රැඳවියෙක් බන්ධනාගාරයේ වහළය මත නැගී විරෝධයක…

Next Post

ශ්‍රි ලංකන් ගුවන් යානයක් තුළ මගියෙක් මිය යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.