අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක් හොරුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පල කරන්න… කෘෂිකර්ම ඇමති පොලිසියෙන් ඉල්ලයි!

by editor
මැයි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ   –                                           

කිරි ගව සොරුන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවල දී ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය හා වෙනත් මාධ්‍ය  ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර   ශ්‍රී ලංකා පොලීසියෙන් ඉල්ලිමක් කරයි.

මේ දිනවල කිරිගව සොරකම් ඉහළ යමින් පවතින බව ගොවි සංවිධානවල නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට කර ඇති  පැමිණිළි අනුව ඇමතිවරයා මෙම ඉල්ලීම  කර තිබේ.

සෑම දිනකම පාහේ  එක් දිස්ත්‍රික්කයකින් අඩුම තරමින් කිරි ගව සොරකම් පහක් හෝ හයක් සම්බන්ධව පොලිස් ස්ථානවලට පැමිණිළි ලැබෙන බව පොලිස් නිලධාරිහු ඇමතිවරයා  පෙන්වා දී ඇත .

එමෙන්ම ඇතැම් අවස්ථාවල ගව හොරුන් අත් අඩංගුවට ගන්නා බවත්, මෙම ගව සොරුන් වැඩි පීරිසක් සුඛෝපභෝගි  වාහන යොදා ගනිමින් කිරි ගවයින් සොරකම් කරන බවට හෙළිදරව් වී ඇතැයි ද පොලිසිය සදහන් කරයි.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබී ඇති  පැමිණිළි පරිදි  දිනකට කිරි ලීටර් 20ක් පමණ ලබා ගත හැකි ගව දෙනුන් මෙසේ සොරකම් කරන බවත් අඩුම තරමින්  එක් දිස්ත්‍රික්කයකින් සතියකට ගවදෙනුන් 35ක් පමණ සොරකම් කරන බවත් ගොවි නියෝජිතයින් සඳහන් කරයි.

මින් දශක දෙක තුනකට  පෙර ගව සොරුන්ට දැඩි දඩුවම් ලබා දීමට පොලිසිය කටයුතු කල  නමුත් මේ වනවිට දඩුවම් ලිහිල් කර ඇත්නම් නැවතත් දඩුවම් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය යෝජනා හා නීතිමය සංශෝධන ඉදීරිපත් කරන්නැයි ද  ඇමතිවරයා පොලීසියට දැනුම් දී ඇත.

 

මේ වනවිට ඇතැම් දිස්ත්‍රික්කවල ගවගාල්වල CCTV කැමරා පවා සවි කර තිබෙන අතර ඇතැම් ගවගාල්වල ගවයින්ට දම්වැල් හා ඉබි යතුරු පවා දමා ගවයින් ආරක්ෂා කර ගන්නා තරමට කිරි ගව සොරකම ඉහළ ගොස් ඇති බවත්, මෙම සතුන් මස් සඳහා අලෙවි කරන අතරම මේ නිසා අනාගතයේ දී කිරි  නිෂ්පාදනයේ ගැටලු සහගත තත්ත්වයක් පවා ඇතිවීමට ඉඩ ඇති බවත් පශු සම්පත් අංශ අවධාරණය කරයි.

මේ නිසා කිරිගව සොරකම් වැළැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් රාත්‍රී කාලයේ සිදු කරන මුර සංචාර වැඩි කරන ලෙසත්, ගව සොරුන් පැමිණෙන අවස්ථාවල වහාම පොලිසියට දැනුම් දීමේ වැඩ පිළිවෙළක් සකසන ලෙසත් අමාත්‍යවරයා පොලිසියෙන් ඉල්ලිමක් කරයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ බොක්සිං ශූරයෝ රට රනින් සරසති….

Next Post

ආගමික ස්ථානවල ළමා අපචාර නැවැත්වීමට කඩිනමින් පියවර ගන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.