හරක්කටා විසින් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සම්බන්ධව සිදුකළ ප්‍රකාශය හරක්කටා විසින් කළ හුදකලා ප්‍රකාශයක් නොව යම් කිසි පාර්ශවයක් සැලසුම් සහගතව ඔහු ලවා කියැවූවක් බව ටිරාන් අලස්ගේ අනුමැතිය මත ඔහු වෙනුවෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරන ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් බීබීසී වාර්තා කරයි.
හරක්කටා කී කතාව පහත දැක්වේ.
ඔහු අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඔස්සේ ප්‍රතිචාර දක්වා ඇත. මේ ප්‍රතිචාරයට පාදක වන්නේත් ටිරාන් අලස් විසින් සිදුකළ ප්‍රකාශයකි.
ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍ය ධූරය දැරූ සමයේ එනම්, 2023 නොවැම්බර් 04 වන දා හරක් කටා සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශයක් කළේ ය.
ඔහු එහිදී පැවසුවේ, හරක් කටා ශ්‍රී ලංකාවට රැගෙන ඒම වැළැක්වීම සඳහා ඔහුට රුපියල් මිලියන 700ක් ලබා දීමට උත්සහ කළ බව ය.
“හරක් කටාව ගේනකොට මට මිලියන 700ක් ඔෆර් කෙරුව මෙහෙට ගේන්නෙ නැතුව ඩුබායිවලට අරින්න කියල. කොහොම හරි ඒක වැඩිදුර යන්න වුණේ නෑ. ඔෆර් එක දුන්න කෙනා වෙඩි කෑවා.”
“ඒගොල්ලො ලෑස්තියි ලොකු ලොක්කන්ට මිලියන ගණන් හරි දීල මාව ඇමතිකමෙන් අයින් කර ගන්න.” ටිරාන් අලස් පවසා තිබිණි.
මෙම ප්‍රකාශයත් උපුටා දක්වමින් ටිරාන් අලස් වෙනුවෙන් කරුණු පැහැදිලි කරන පාර්ශවය බීබීසිය වෙත පවසා තිබුණේ මෙවැන්නකි.
“මිලියන 700 කතාව හිටපු ඇමතිතුමා කිව්වෙ 2023 නොවැම්බර් 04 වෙනි දා. දැන් අවුරුදු එක හමාරක් ගිහිල්ල ඒගොල්ලො කවුරුත් ඒක ඩිනයි කරල නෑ.”
“අනිත් එක මෙයාව තංගල්ලට දාල තියෙන්නෙ අරක්ෂක ලේකම්ගෙ නියෝගයේ පේපර්ස් එක්ක හයි කෝට් එකට දාල, හයිකෝට් ඕඩර් එකක් උඩ තමයි තංගල්ලෙ ඉන්නෙ. නැතුව හිටපු ඇමතිතුමා දාපු එකක් නෙවෙයි. එතකොට හයි කෝට් ඕඩර් එකක් උඩ තංගල්ලෙ ඉන්නෙ.
“දැන් තංගල්ලෙ අවුරුද්දක් විතර වෙනවා. ඇමතිතුමා තනතුරුවලින් ගිහිල්ලත් මාස 7ක් වෙනවා. එතකොට එයා ඒ අවුරුද්ද ඇතුළත උසාවි ඇවිල්ල තියෙනව කීප වතාවක්. ඒ එක වතාවකවත් ඔය කතාව කියල නෑ, ඊයෙ වෙනකම්.”
“ඊයෙ ඒ වීඩියෝ එක බැලුවොත් හොඳට ම පේනවා, PTA එක යටතේ ඉන්න ත්‍රස්තවාදියෙක් තමයි උසාවි ගේන්නෙ. STF අරව මේව ඔක්කොම යොදවල තියෙනව. හැබැයි පඩිපෙළෙන් බහිනකොට හොඳට ම පේනව ඉස්සරහ කවුරුත් නෑ. මෙයාට ෆුල් ඕපන් කරල දෙනව මීඩියා එකට කතා කරන්න. ඉන් එහාට ගිහිල්ල මෙයාව වෑන් එකට දැම්මට පස්සෙ වෑන් එකේ ෂටර් එකත් ඇරල දෙනව මීඩියා එකට කතා කරන්න.”
“එතකොට ඕන ගොනෙකුට තේරෙනව මේක සෙටප් කරල කවුරුහරි මයා ලව්ව මේක කියෙව්ව කියල.”







