අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හය වරක් අගමැති – ඉතිහාසගත වෙමින් රනිල් යළිත් අගමැති ධුරයේ දිවුරුම් දෙයි…

by editor
මැයි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නව අන්තර්කාලීන සර්ව පාක්ෂික රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද සවස කොළඹ ජනාධිපති මන්දිරයේදී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ජනාධිපති මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස දිවුරුම් දුන්නේ ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 26 වැනි අග්‍රමාත්‍යවරයා ලෙසය.

පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය මත පසුගිය මැයි 09 වැනිද සඳුදා සවස මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වූයේය. ඉන් පසුව සමස්ත කැබිනට් මණ්ඩලයම ඉවත් විය.  එයින් පසුව ජනාධිපතිවරයා විසින් දේශපාලන පක්ෂවලට රජය භාර ගන්නා ලෙස ආරාධනය කළේය.  ඒ සම්බන්ධයෙන් ඇතිවූ කතා බහ අතර පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තු මන්ත්‍රී ආසනයකින් පත්ව පැමිණි රනිල් වික්‍රමසිංහ ඊයේ ජනාධිපතිවරයා හමුවී තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර  මන්ත්‍රිරුන් ගේ කැමැත්ත පවතින බව ප්‍රකාශ කළේය.

ඒ අනුව අද අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට කටයුතු සූදානම් කෙරිනි. අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසුව ඔහු නව කැබිනට් මණ්ඩලයක්ද ඉක්මනින්ම පත් කර ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

 මීට පෙර පස් වතාවක් ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ  රනිල් වික්‍රමසිංහ   1973 දී තරුණයකු ලෙස දේශපාලනයට එක්ව බියගම ආසනය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයට තරඟ කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ‍යේය.    එයින් පසුව යෞවන කටයුතු රැකී රක්ෂා , අධ්‍යාපන ඇතුළු අමාත්‍ය ධුර රැසක වගකීම් දැරූ වික්‍රමසිංහ   මුලින්ම  අගමැති  ධුරයට පත්වන්නේ 1993 මැයි මාසයේදී ය. ඒ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස   ගේ හදිසි අභාවයෙන් පසුව එවකට අගමැති ඩී.බී විජේතුංග   ජනාධිපතිවරයා ලෙස පත්වීමන් පසුවය.

එයින් පසුව 2003 වසරේදීත් 2015 වසරේදී දෙවතාවක්ද අගමැතිවරයා ලෙසින් පත්වූ ඔහු පස්වැනි වතාවට අගමැතිවරයා ලෙස පත්වන්නේ 2018 ඔක්තෝබර් මාසයේ මතුවූ දින 52 ව්‍යවස්ථා අර්බුදය මැද නීත්‍යනුකූල නොවන ලෙස පත්වූ  අගමැති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ඉවත් වීමත් සමඟය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ අනුව හය වැනි වරට අද ඔහු මෙලෙස දිවුරුම් දුන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනතා බලයට ඇහුම්කන් නුදුන් මේ සටකපට මාලිගා කුමන්ත්‍රණය උපතේදීම මළගම සනිටුහන් කරගන්නවා.

Next Post

හැංගී සිටින මහින්ද රනිල්ට සුබ පතයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.