ශ්‍රියානි විජේසිංහ –
කොළඹ දිස්ත්‍රික්කය තුල ලාදුරු රෝගින් 228ක් හදුනාගෙන ඇති නමුත් කොළඹ මහ නගර සීමා තුල ප්‍රතිකාර සඳහා පැමිණියේ රෝගීන් 37 දෙනෙක් පමණක් යැයි ද මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ලාදුරු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර සඳහන් කරයි.
හදුනාගත් ලාදුරු රෝගින්ට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ලෙසට නිවෙස් වෙත ගොස් පනිවිඩයට ලබා දුන්නද ඔවුන් ප්‍රතිකාර සඳහා නොපැමිණීම රෝග මර්දනයට විශාල ගැටලුවක් වී ඇති බව අධ්‍යක්ෂවරයා පැවසුවේය.
රෝගීන් මෙසේ ප්‍රතිකාර සඳහා නොපැමිණිම රෝගය තව තවත් ප්‍රදේශයන් වෙත ව්‍යාප්ත වීමට හේතුවක් වී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් පිරිස මොරටුව එගොඩඋයන ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර ඔවුන්ගේ සංඛ්‍යාව 50ක් යැයිද වෛද්‍ය ප්‍රසාද් සඳහන් කරයි.
මේ වන විට රෝගීන් වැඩිවශයෙන් ව්‍යාපත් වී ඇති ප්‍රදේශයන් සිතියම් ගත කර එම ප්‍රදේශයන්ට වැඩි වශයෙන් අවදානය යොමුකර සෞඛ්‍ය සේවාවන් ලබා දීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බවද අධ්‍යක්ෂවරයා පැවසුවේය.







