පසුගිය දෙසැම්බර් 18 වැනිදා හංවැල්ල මුස්ලිම් පල්ලිය අසළ ආපන ශාලා හිමිකරුවකු වූ 48 හැවිරිදි මොහොමඩ් ෆරුෂාන් (48) අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අද (06) අලුයම හංවැල්ල දිද්දෙණිය කිඹුල්දෙණිය ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පරහරින් මරණයට පත් වී ඇත.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යෑමේ දී සිදුවූ වෙඩි හුවමරුවකදී තුවාල ලැබීමෙන් අනතුරුව ඔහුව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ බවත් එහිදී සැකකරු මිය ගිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මෙම වැටලිම කර තිබිණි.
කුලී ඝාතකයා මෙම ඝාතනය සිදු කර ඇත්තේ ඩුබායි රැඳී සිටින ලලිත් සහ චමියා නැමැති අපරාධාකරුවන් දෙදෙනා විසින් ලබා දෙන ලද කොන්ත්‍රාත්තුවක් මත බව පැවසේ.
මෙම වෙඩික්කරු ඉලක්කය කරා රැගෙන ගිය පැදිකරු වූ දෙල්වල පොලිස් වසමේ 32 හැවිරිදි පුද්ගලයෙක් පෙරේදා පොලිස් අත්අඩංගුවට පත් වී තිබිණි.
ඔහුගෙන් ලද තොරතුරු මත මෙම ඩෙික්කරු අත්අඩංගුවට යෑමේ දි මෙම සිද්ධිය සිදුවි ඇතැයි පොලිසිය කියයි.
ව්‍යාපාරිකයා ඝාතනය කළ අයුරු….







