කොවිඩ් ආසාදනය වන ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට විශේෂ ප්‍රතිකාර හා පහසුම් ලබා නොදීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන්ගේ විධායක කමිටුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹී තිබේ.
මෙම විරෝධතාවය නිසා ගුවන් මෙහෙයුම් කටයුතුවලට විශාල බාධාවක් වෙමින් ඇතැයි ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.
ගුවන් නියමුවන් මෙම විරෝධතාවය සම්බන්ධව තම සංගමයේ විධායක සභාව මූලික තීන්දුව ගෙන තිබුණේ පසුගිය 04 දා බවත් එම සාකච්ඡාවේ දී ගත් තීන්දු තම සාමාජිකයන් වෙත නිල වශයෙන් දැනුම් දුන් බවත් ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගේ සංගමයේ ලේකම් රොහාන් ගුණතිලක පැවසීය.
එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට අනුව හදිසි සේවා සඳහා වාර්තා නොකිරීම, නිවාඩු දිනයන්හි සේවයට වාර්තා නොකිරීම, හදිසි ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම හදිසි රාජකාරි සඳහා වාර්තතා නොකිරීම සිදුකරගෙන යනු ලබයි.
කෙසේ වෙතත් ඉරණවිලට යොමු කළ කොවිඩ් ආසාදිත ගුවන් නියමුවන් මේ වනවිට හික්කඩුව කොවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන්සේවා ආරංචි මාර්ග පවසයි. ඇමති දයාසිරි ජයසේකර මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින්නේත් එම මධ්‍යස්ථානයේය.