පවතින සෞඛ්‍ය තත්ත්වය මත අද දිනයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමේ අපහසුතාවයක් ඇති බවත් ඔහු අද අධිකරණයට ඉදිරිපත් නොකිරීමට ඇති ඉඩකඩ වැඩි බවත් ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.
හිටපු ජනාධිපතිවරයා තවදුරටත් ජාතික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා බව පවසන එම ආරංචි මාර්ග රුධිරගත සෝඩියම් ප්‍රමාණය වැඩි වීම, සහ අධි රුධිර පීඩන තත්ත්වයන් කළමනාකරණය දිගින් දිගටම සිදුකරන බව පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ඔහුගේ වයසත් සමග ඇති වී තිබෙන සංකූලතා හැර වෙනත් විශාල අවදානම් තත්ත්වයක් නැතැයි ද එම ආරංචි මාර්ග කියයි.







