නිවසකට ඇතුළු වී ජංගම දුරකතනයක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ 17 හැවිරිදි පාසල් සිසුවෙක් අමානුෂික ලෙස පහර කෑමට ලක්ව පෙරේදා (25) රෝහල් ගත කර තිබේ.
තමන්ට වත්තේගම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් පොලිස් ස්ථානය තුළ දී අමානුෂික ලෙස පහර දුන් බව කියමින් මේ සිසුවා ප්රතිකාර ලබා ගැනීම සඳහා වත්තේගම රෝහලට ඇතුළත් වී ඇත.
තම නිවසට ඇතුළු වී සොරකමක් සිදුකළ බවට වත්තේගම පල්ලේපවුර ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සිසුවා සහ තවත් 26 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ප්රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50000 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇත.
ඇප මත මුදා හැරීමෙන් පසු 17 හැවිරිදි සිසුවා වත්තේගම රෝහලට ඇතුළත්ව ඇත්තේ අත්අඩංගුවේ සිටිය දී තමන්ට වත්තේගම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අමානුෂික ලෙස පහර දී නොයෙක් වධහිංසා කළ බව ප්රකාශ කරමිනි.
පහර කෑමට ලක්වූ සිසුවාගේ ඥාතීන් පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සාධාරණ පරීක්ෂණයක් නොකරන්නේ නම් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කරන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් වත්ගේම පොලීසිය පරීක්ෂණ පවත්වයි.