දිනසේන රතුගමගේ –
යාපනයේ නාගදීප පාරේ පන්නෙයි පාලම අසල සෙල්ෆි ඡායාරූප ගමිනින් සිටියදී 8 දා සවස එම පාලමෙන් මුහුදට වැටුණු තරුණයෙක් අතුරුදහන් වී ඇතැයි යාපනය පොලීසිය සදහන් කරයි.
අතුරුදහන් වූ පුද්ගලයා යාපනයේ තරු පන්තියේ හෝටලයක සේවය කරන එස්.ගෞතමම් නැමති 31 හැවිරිදි තරුණයෙකු බවට හදුණාගෙන තිබේ. ඔහු ව සෙවීම සදහා නාවික හමුදාව හා පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇත.
පළාතේ ධීවරයන්ද
මේ සඳහා ඉදිරිපත් වී ඇතත් අතුරුදහන් වූ පුද්ගලයාගේ සිරුර තවමත් හමු වී නොමැත.
යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරික්ෂණ පවත්වා ගෙන යයි.