මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා ළමුන් විජලනයට ලක් වන බැවින් සමේ රෝග තත්ත්වයක් හා සෙම රෝගවල වැඩිවීමක් ද පවතින බවත් එහෙත් දරුවන් ජලයෙන් ඈත් නොකර දරුවන් විජලනයෙන් වළක්වා ගන්නා ලෙසත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අද 4 ලංකා සර කළ විමසීමකදී පැවසීය.
එසේම මේ දිනවල සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ළමා හතිය, මෙන්ම ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයන් දරුවන් අතර වැඩි වූ බවද වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේය.
පවතින පරිසරයේ උෂ්ණත්වය වැඩි වීම හේතුවෙන් ඇතිවන විජලන තත්ත්වය නිසා දරුවන් අතර සමේ රෝග තත්ත්වයක්ද ව්‍යාප්ත වන බව වෛද්‍යවරයා සඳහන් කළේය.
විජලනය නිසා දරුවන්ගේ ශරීරය වේදනාකාරී වීම, නිදිමත ගතිය, නින්ද යෑම වැඩිවීම, කෑම අරුචිය වැනි රෝග ලක්ෂණ ඇති වන බවද දද, දාඩිය බිබිලි වැනි සමේ රෝග තත්ත්වයන් වැඩි වන බවටද දක්නට ලැබෙන බව වෛද්‍යවරයා කියා සිටියේය.
ස්වසන අපහසුතා නොමැති නම් දරුවන් ජලයේ තැබීමට බිය විය යුතු නොමැති බවට වෛද්‍යවරයා කියා සිටියේය. දරුවන් වතුරේ තැබීමට, ඔවුන් සේදීමට බිය නොවන ලෙසත් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන බැවින් දරුවන් සම්පූර්ණයෙන්ම ජලයෙන් ඈත් නෙකර ඊට අදාළ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් දරුවන් ජලයෙන් ඈත් නොකරන ලෙසත් වෛද්‍යවරයා දෙමව්පියන් වෙත පණිවිඩයක් තබමින් කියා සිටියේය.
සමේ රෝගවලින් වළක්වා ගැනීමට දරුවන් උදේ සහ සවස දිනකට දෙවතාවක් විනාඩි 20 බැගින් ජලයේ තැබීම සුදුසු බවද වෛද්‍යවරයා පවසා සිටියේය.
දරුවන් විජලනයෙන් වළක්වා ගැනීමට වයස මාස දක්වා වන දරුවන් මව්කිරිද ඊට වඩා වැඩි වයසේ දරුවන්ට ගණ ආහාර සමඟ ජලය, තැඹිලි, ජීවනී,කැඳ වැනි දියර ආහාර වැඩි වශයෙන් ලබා දෙන ලෙසටද වෛද්‍යවරයා කියා සිටියේය.