අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෙනඟ මැද අපරාධකරුවන් සොයන පොලිසියේ සුපිරි වෑන් එකටත් වැඩතහනම්!

by Lanka Sara Editor
ජූලි 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිසිය සොයමින් සිටින අපරාධකරුවකුගේ හෝ ත්‍රස්තවාදියකුගේ කවර හෝ ඡායාරූපයක් පරිගණකගත පද්ධතියකට ඇතුළු කළ පසු ඔහු හෝ ඇය කවර ජන සමූහයක් තුළ කවර ආකාරයෙන් සිටියද ඔහුගේ මුහුණුවර හඳුනා ගැනීමේ තාක්ෂණය සහිත ජංගම වෑන් රථයක් තම ඉල්ලීම මත ජපානයෙන් ලැබුණු බවත් පොලිස් ත්‍රස්ත විමර්ශණ අංශය සතුව තිබූ එම වාහනය තමාගේ වැඩ තහනමින් පසුව භාවිත කිරීම තහනම් කොට ඇති බවත් පසුගියදා ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සම්බන්ධව වූ විමර්ශණයක් මත දැනට වැඩ තහනමකට ලක්ව සිටින නාලක ද සිල්වා මහතා මේ බව අනාවරණය කළේ පසුගිය බ්‍රහස්පතින්දා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනි.

එම සාක්ෂි දෙමින් ඔහු මෙසේද පැවසීය.

“මීට වසර කිහිපයකට පෙර බංගලදේශයේදී අයි.එස්.අයි.එස්. ප්‍රහාරයක් එල්ල වුණා. එහිදී ජපන් ජාතිකයින් රැසක්ද මිය ගියා. ඒ කාලේ මාව හමුවෙන්න ජපන් නිලධාරියෙක් පැමිණි විටෙකදී ඔහු මගෙන් ඇහුවා ශ්‍රී ලංකාවේත් එවැනි ප්‍රහරයක් එල්ලවෙයිද කියල. ඒ වෙලාවේ මම ඔහුට කිව්වා නොවෙන්නයි අපි වැඩ කරගෙන යන්නේ කියල.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එවිට ඔහු මගෙන් විමසුවා එවැනි ප්‍රහාරයක් වළක්වන්න අවශ්‍ය මොනවද කියල. මම ඔවුන්ට කිව්ව ආවේක්ෂණ කටයුතු සදහා යොදා ගන්නා තාක්ෂණික උපකරණ ඉතා මිල අධිකයි. එවිට මම ඔහුට එවැනි ආවේක්ෂණ කටයුතු සදහා අවශ්‍ය උපකරණයක් ගැන සඳහන් කළා. ඒ බව පොලිස්පතිවරයා හරහා ලිඛිතව දැනුවත් කිරීමක්ද කළා. ඒ අනුව 2018 වසරේදී තාක්ෂණික උපාංග සහිත නවීන වෑන් රථයක් අපිට ලැබුණා. එම වෑන් රථය අධිතාක්ෂණික උපාංග වලින් සමන්විතයි. එහි කැමරා පද්ධතියක්ද තිබුණා. යම් පුද්ගල ඡයාරූපයක් අප සතුව තිබෙනව නම් ජනතාව අතර ඔහු සිටින්නේ නම් සැණෙකින් ඔහුගේ මුහුණුවර හඳුනා ගත හැකි විශේෂ තාක්ෂණයක් තාක්ෂණයක් එම වෑන් රථය තුළ තිබුණා. එම වෑන් රථයට අමතරව ජිප් රථ 11 ක් සහ යතුරුපැදි 10 ක්ද පරිත්‍යාග ලෙස ලැබුණා.

පොලිස්පතිවරයා එම ජිප් රථ සහ යතුරුපැදි පසුව විමර්ශන අංශ වෙත බෙදා දුන්නා. ත්‍රස්ත විමර්ශණ අංශයටත් වෑන් රථයට අමතරව යතුරුපැදි ලැබුණා.
එම වෑන් රථය යොදාගෙන අපරාධකරුවන් හදුනා ගැනීමට හැකි වුවද තමා අත්අඩංගුවට පත් වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම වෑන් රථය භාවිතා කිරීම තහනම් කරනු ලැබ ඇති බවද නාලක ද සිල්වා කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇතැම් අපේක්ෂකයන් ඡන්ද පෝස්ටර්වලට තම සේයාරුව භාවිත කරන බවට අගරදගුරුගෙන් චෝදනාවක්

Next Post

පිටරටවලට ඇදෙන ඩොලර් රැක ගන්න ආණ්ඩුවෙන් තවත් තිරිංගයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.