සූරියවැව නුවන් ජයසේකර –
සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා රුපියල් 50,000ක අල්ලසක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (07) උදේ 8.30ට පමණ ප්‍රාදේශීය සභාව තුළදීම අත්අඩංගුවට ගනු ලැබීය.
සූරියවැව සති වෙළෙඳපොළේ වෙළෙඳසලක් පවත්වා ගෙන යන කොන්ත්‍රාත්කරුවෙක් විසින් තැන්පත් කළ ඇප මුදලේ අවසන් කොටස කොන්ත්‍රාත් කාලය නිමා වූ පසු මුදා ගැනීමට යෑමේ දී ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා මෙම අල්ලස ඉල්ලා තිබේ.
අනතුරුව කොන්ත්‍රාත්කරු මේ පිළිබඳව අල්ලස් කොමිසම දැනුවත් කර ඇත. කොන්ත්‍රාත්කරු රුපියල් ලක්ෂයක මුදල රුපියල් පනස් දහසක් දක්වා අඩු කරගෙන අදාළ අල්ලස් මුදල ලබා දෙන අවස්ථාවේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි ලේකම්වරයා ලෙස කටයුතු කළ එච්.කේ. අබේනායක නැමැත්තෙකි.
සැකකරු අද හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.