මාතර – සම්පත් –
සූරියවැව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත මරණ දඬුවම හිමිවූ පුද්ගලයෙකු වරෙන්තු පිට සැඟව සිටියදී පොලිස් අත්තඩංගුවට පත්විය.
සැකකරු 1995 වසරේ සූරියවැව ප්‍රදේශයේදී මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකර සැඟව සිටි අතර අඹිලිපිටිය මහාධිකරණය දීර්ඝ නඩු විමසීමකින් පසු 2010 වසරේ සෙම චූදිතයාට මරණ දඩුවම නියෝග කළේය.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුද නිකුත් කළේය. වසර දහයක කාලයක් සැගවී සිටි මෙම චූදිතයා කොන්ත්‍රාත් බාස් කෙනෙකු ලෙස පෙනී සිටිමින් කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිට ඇත. ඊයේ දින පොලිසියට ලද තොරතුරක් මත මෙම චූදිතයා බංඩාරගමදී අත්තඩංගුවට ගෙන තිබේ.