බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුමන්තිරන්ට නැති අධිකරණයට අපහාස කිරීමේ චෝදනා නීතිඥ සංගමයෙන් ඇයි මට?… හේතුව සරත් වීරසේකර ලියා දන්වයි!

අතාර්කිකව පක්ෂග්‍රාහී නොවන්නැයි මන්ත්‍රීවරයා නීතිඥ සංගමයට දන්වයි....

by editor
ජූලි 13, 2023
in පුවත්
sarath-weerasekara
Share on FacebookShare on Twitter

තමන් අධිකරණයට අතිශයින්ම  ගරු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් විෂයෙහි නැති අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව තමන්ට එල්ල කරන්නේ කුමණ පදනමකින්දැයි පැහැදිලි කරන ලෙසත් දන්වා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව තමන් වෙත චෝදනා එල්ල කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික රියර් අද්මිරාල්  සරත් වීරසේකර ලිඛිතව දන්වා තිබේ.

චෝදනා කිරීමට පෙර තමන් කීවේ කුමක් දැයි විචාර බුද්ධියකින් විමසන ලෙසත්, අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් නීතිඥ සංගමය නිකුත් කළ  මාධ්‍ය නිවේදනය තමන්ට එරෙහිව මුලතිව් නීතිඥවරුන් විසින් අරඹා ඇති   උද්ඝෝෂණයට කිසිදු සෙවිල්ලක් නොමැතිව කරන  ලද සහාය දීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර නීතිඥ සංගමට පෙන්වා දී ඇත.

අපේ උරුමයන් විනාශ කරන බෙදුම්වාදී මැරයින් වෙනුවෙන් පෙනී සිටීමට පෙර දෙවරක් සිතන මෙන් තමා නීතිඥයන්ගෙන් ඉල්ලා සිටින බව පවසන මන්ත්‍රිවරයා  නීතිඥ සංගමය දේශ හිතෛෂී නම් මේ පිළිබඳවත් ඔවුන්ගේ අවධානය යොමු විය යුතු බව ද අවධාරණය කරයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

සභාපති

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ශ්‍රීලංකා නීතීඥ සංගමය
හිතවත් සභාපති තුමනි,

මා විසින් ගරු අධිකරණයට තර්ජනය කළා යයි ඔබ නගන චෝදනාව මා තරයේ ප්‍රතික්ෂේප කරමි.  ජූලි 7 වන දින මා පාර්ලිමේන්තුවේදී කළ කතාව හොඳින් ශ්‍රවණය කරන මෙන් දන්වමි.

මා සලකන්නේ  ඔබගේ මෙම පුවත්පත් නිවේදනය, මට එරෙහිව මුලතිව් නීතිඥවරුන් විසින් කරන්නා වූ උද්ඝෝෂණයට කිසිදු සෙවිල්ලක් නොමැතිව කරන  ලද සහාය දීමක් වශයෙනි.

අපේ අධිකරණය ස්වාධීන විය යුතු බවත්, බාහිර පීඩනයන්ගෙන් තොර විය යුතු බවත්, රටේ සෑම පුරවැසියෙක්ම හොඳින් දන්නා කරුණකි. නීතිඥ සංගමය එය අමුතුවෙන් පහදා දිය යුතුව නැත.

නමුත්  මීට මාස කිහිපයකට පෙර ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේ දී අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ගැන කරන ලද කතාවට ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ඔහු කියා සිටියේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔරලෝසු බට්ටෙක් මෙන් දෙපැත්තට වැනෙන බවත්, ඔවුන්ට කියවා අවබෝධ කිරීමට තරම් මොලයක් නැත්නම් ඔවුන්” වහාම ගෙදර යායුතු” බවත්ය.  නීතිඥ සංගමය ඒ සම්බන්ධයෙන් තම විරෝධය පළ නොකළේ ඇයි? එය අධිකරණයට එල්ල කළ බරපතල තර්ජනයක් නොවේද? නීතිඥ සංගමය සුමන්තිරන්ට බයද?

තවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ප්‍රවෘත්ති කාරක මොනිකා පින්ටෝ නමැත්තිය විසින් අපේ රටේ අධිකරණය ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ඔබට මතක් කර දීමට කැමැත්තෙමි. ඇය විසින් අපගේ අධිකරණය සම්බන්ධයෙන් එල්ල කර ඇති අභූත චෝදනා වලින් සමහරක් මෙසේය.

  1. අපේ විනිසුරු කරුවන් විශ්‍රාම යාමෙන් පසුව රජයේ සහ දේශපාලන පත්වීම් බලාපොරොත්තු වේ. ඒ නිසා ඔවුන් ඉදිරි රැකියාවන් සඳහා නඩුවලදී රජයට පාක්ෂිකව තීන්දු දීමේ ප්‍රවණතාවක් තිබේ.
  2. සමස්තයක් වශයෙන් රටේ අධිකරණයේ ස්වාධීනත්වය ක්‍රම ක්‍රමයෙන් සෝදාපාලුවට ලක්වෙමින් පවතී.
  3. නීතිඥ සංගමය දේශපාලනික වශයෙන් බෙදී වෙන් වී ඇති අතර සංගමය දේශපාලනීකරණය වීම බරපතළ ප්‍රශ්නයකි.
  4. බොහෝවිට විනිසුරු කරුවන් චූදිතයන්ට වැරදිකරු ලෙස ප්‍රකාශ කරන මෙන් බල කරන අතර එසේ කරන්නේ ඔවුන් අවසන් කළ නඩු සංඛ්‍යාව වැඩි කිරීම සඳහාය.
  5. සාමාන්‍යයෙන් අධිකරණ පරිපාලනයේ විනිවිදභාවය, බලය බෙදා හැරීම, සහ ප්‍රජාතන්ත්‍ර භාවය සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් විය යුතුය.
  6. අධිකරණයේ ස්වාධීනත්වය සහ අභිමානය ගැන කතා කරන නීතිඥ සංගමය මොනිකා පින්ටෝ විසින් අපේ අධිකරණය පිළිබඳව ඉදිරිපත් කළ එම අතිශය නින්දිත වාර්තාව ගැන කිසිදු විරුද්ධත්වයක් පෑවේ නැත.

නමුත් මා ස්වේච්ඡාවෙන් ජිනීවා ගොස් ( 2014 ජුනි 18 දින) එම සැසිවාරයේ දී වසර දෙසීයක අභිමානවත් ඉතිහාසයක් ඇති අපගේ අධිකරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන මෙම අපහාසාත්මක සහ පිළිකුල් සහගත වාර්තාව දැඩි ලෙස හෙලා දුටුවෙමි.

දින අටක පමණ ලංකාවේ සංචාරයකින් පසුව අපේ අධිකරණය අදක්ෂ, නොහැකියාවෙන් යුත්, වැරදි ලෙස තෝරා ගත්, දූෂිත සහ පාක්ෂික විනිසුරුවන්ගෙන් සමන්විත යැයි පැවසීමට තරම් මොනිකා පින්ටෝට තිබෙන හැකියාව සහ සුදුසුකම් කුමක්දැයි මා ජිනීවාහිදී ප්‍රශ්න සිටියෙමි.

මෙය පෙර සැලසුම් කළ, පෙර තීරණය කරගත් ලෙස සැකසූ වාර්තාවක් බව කියා සිටි මා අවශ්‍ය නම් විදේශීය අධිකරණ වලට පවා තෝරාගත් අපගේ විනිසුරු කරුවන්ගේ වෘත්තීය සුදුසුකම් සහ ප්‍රගතිය සොයා බලන මෙන් ද ඉල්ලා සිටියෙමි.

මා අපගේ අධිකරණයේ අභිමානය එදා රැක ගත්තේ එසේය. ඒ, ඔබ සහ දැනට මට විරුද්ධව උද්ඝෝෂණය කරන මුලතිව් හි නීතිඥයන් මේ සම්බන්ධයෙන් මුණිවත රකිද්දී ය.

‍ෙපාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් පාර්ලිමේන්තුවේ දී හැසිරිය යුත්තේ කෙසේදැයි මා හොදින් දනිමි. නීතිඥ සංගමයට උතුරට ගොස් අපගේ බෞද්ධ උරුමයන් නටබුන් මැරයින් විසින් විනාශ කරන අන්දම දැක බලා ගන්නා ලෙස ඉල්ලා සිටිමි. ඉපැරණි බෞද්ධ චෛත්‍යයන් කඩා බිඳ දමා ඒ මත ශිව ලිංග තබා පුද පූජා කරන අන්දම නිරීක්ෂණය කරන මෙන් ද දන්වා සිටිමි. නටබුන් ප්‍රතිසංස්කරණය කරන පුරාවිද්‍යා නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කරන අතර මුලතිව් නීතිඥවරු ලබා බොරුවට නඩු පවරා ප්‍රතිසංස්කරණ කටයුතු අත්හිටුවා, පසුව එතෙක් ගොඩනගන ලද දේ කඩා දමන තත්වයක් එහි තිබේ. රටේ නීතිය ස්ථාපිත කිරීම ඔබ සංගමයේ මුඛ්‍ය පරමාර්ථය නම්, ඉදිරියේ ජනවාරි ගැටුමක් ඇතිවිය හැකි මෙවන් දේ ගැනත් ඔබගේ අවධානය යොමු විය යුතු යයි මා අවධාරණය කරමි.

අපි සැවොම අධිකරණයට ගරු කරමු. නමුත් අපේ උරුමයන් විනාශ කරන බෙදුම්වාදී මැරයින් වෙනුවෙන් පෙනී සිටීමට පෙර දෙවරක් සිතන මෙන්ද මා නීතිඥයන්ගෙන් ඉල්ලා සිටිමි. නීතිඥ සංගමය දේශ හිතෛෂී නම් මේ පිළිබඳවත් ඔවුන්ගේ අවධානය යොමු විය යුතුය.

රියර් අද්මිරාල් ( ආචාර්ය) සරත් වීරසේකර VSV RWP USP
පාර්ලිමේන්තු මන්ත්‍රී

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්තිය ඉල්ලා වසර 11ක් නඩු කී ගුවන් සේවා නිලධාරියා නිදොස් කොට නිදහස්

Next Post

2024 පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමට අයදුම්පත් කැඳවයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.