බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුදර්ශණ පැණිය ගැන ඇමති චන්න ජයසුමනට “රැහේ අයගෙන්“ අවවාදයක්

by Lanka Sara Editor
නොවැම්බර් 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදිතයන් සඳහා ලබා දිමට සුදුසු බවට ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මෙන්ම ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය චන්න ජයසුමන විසින් නිර්දේශ කරන ලද සුදර්ශන පැණිය නම් දේශීය ඖෂධය බටහිර වෛද්‍ය කර්මයට අනුව මිනිස් සිරුර තුළ කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල ලබා දුන් බවට සායනික මට්ටමේ කිසිදු විශ්වසනීය පර්යේෂණයක තොරතුරු නොමැති බැවින් මෙම ඖෂධය රෝහල්වලට ලබා දෙන ලෙසට රාජ්‍ය අමාත්‍යවරයා විසින් ගන්නා ලද තීරණය පිළිබඳව යළි සලකා බලන ලෙස සායනික ඖෂධවේදය සහ ප්‍රතිකාරවේදය පිළිබඳ ශ්‍රි ලංකා සංගමය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

ශ්‍රි ලංකාවේ සිටින ඖෂධවේදය සම්බන්ධ විශේෂඥවරුන්ගෙන් සැදුම්ලත් සංගමයක් වන මෙහි සභාපති කොළඹ විශ්ව විද්‍යාලයයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය රෝහිණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මෙම ලිපියෙන් ඔවුන් අවධාරණය කරන්නේ රෝගීන් සාර්ථක බවට සායනික මට්ටමේ කිසිදු සාක්ෂියක් නොමැති ඖෂධ විශේෂයේ බටහිර ඇලෝපති ක්‍රමය යටතේ නිර්දේශ කිරීම අනුමත නොකරන බවය.

මහාචාර්ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙම ලිපියෙන් පෙන්වා දී ඇති පරිදි දැනට පැතිර යන කොවිඩ් වසංගතයට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මක වන බවට සායනික මට්ටමේ පර්යේෂණවලින් තහවුරු කර ගත් කිසිදු ඖෂධයක් භාවිත වන්නේ නැත. එවැනි රෝගීන් අසාද්‍ය මට්ටමේදී පමණක් භාවිත කිරීමට නිර්දේශීත එකම ඖෂධය වන්නේ ඩෙක්සමෙතසොන් නැමැති ඖෂධය පමණි. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින්ද වාර්තා කර ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ ලෝකය විවිධ විකල්ප ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීම ස්වාභාවික තත්ත්වයක් වුවද බටහිර වෛද්‍ය විද්‍යාවේදී නිර්දේශ කෙරෙනුයේ සායනික මට්ටමින් මිනිසුන් ඇසුරේ ප්‍රතිකාරමය වශයෙන් මෙන්ම ඇතිවිය හැකි අතුරුඵල සහ රෝගියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු කර ගන්නා ඖෂධයක් පමණි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම සුදර්ශන ඖෂධය සම්බන්ධයෙන් කතා බහ පැන නැගුණු අවස්ථාවේදී තම සංගමය මිනිසුන් ඇසුරේ මෙම ඖෂධය සාර්ථක ලෙස සහ ආරක්ෂාකාරී ලෙස ක්‍රියාත්මක වන බවට තහවුරු කරන කිසිදු විද්‍යාත්මක පර්යේෂණ තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බවත් සතුන් ඇසුරේ සිදු කරන ලද යම් පරයේෂණයකින් මෙම ඖෂධයේ භෞතික සහ රසායනික ගුණාංග පිළිබඳව තොරතුරු පමණක් ඇතුළත් වූ බවත් පෙන්වා දෙයි.

එසේ වුවද ඖෂධවේදය පිළිබඳව මහාචාර්වයවරයකු ද වන රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙවැනි පසුබිමක් මත සුදර්ශන නම් ඖෂධය මෙරටට රෝහල් පද්ධතිය තුළ නිර්දේශ කිරීම පිළිබඳව එකඟතාව පළ කිරීම අසීරු බවත් පෙන්වා දෙන මහාචාර්ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අමාත්‍ය මහාචාර්ය ජයසුමන විසින් ගන්නා තීරණය පිළිබඳව යළි සලකා බලන ලෙස ඉල්ලා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජිවිතය පූජා කරන්න එපා… ඉල්ලා අස්වෙන්න…

Next Post

ව්‍යවස්ථාදායක සභාවේ අගමැති නියෝජිතයා ඩග්ලස් දේවානන්දා

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.