ශ්‍රියානි විජේසිංහ –
සීතාගේ ක්‍රියාශීලිත්වය පිරිහී ඇති බැවින් සිරුර තුළ පවතින ඉතිරි යකඩ බෝල සහ කුඩු ඉවත්කර ගැනීමට අවශ්‍ය සැත්කමක් කිරීමට අවසර ලබා දෙන මෙන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල තීරණය කර ඇත.
සීතා බැලීමට මහාචාර්යවරයා අද මහරගමට ගිය අතර එහිදී සීතාගේ ක්‍රියාශීලීත්වය බොහෝ දුරට අඩුව තිබූ බැවින් එයට හේතුව සිරුර තුළ පවතින උණ්ඩ සහ යකඩ කුඩු විය හැකි නිසා ඒවා ඉවත් කළ යුතු බව මහාචාර්යවරයා මෙහිදී තීරණය කර ඇත.
ඇතින්නගේ උරස් කුහර තුළ උණ්ඩ තිබිය හැකි බවට සැක කරන බැවින් ඒවා ඉවත් කරන තෙක් සෑලකිය යුතු කාලයක් යන තෙක් පෙරහැරවලට සහභාගි කරවීමට නොහැකි වනු ඇති බවද හෙතෙම පැවසුවේය.
සීතාට මීට පෙර කළ සැත්කම්වලින් අති වූ තුවාලය සුවකිරිම සදහා අවශ්‍ය ආයුර්වේද ප්‍රතිකාරයන් අදාල වෛද්‍යවරුන් විසින් අඛන්ඩව සිදුකරමින් පවතින බවද මහාචාර්යවරයා කීය.
මින් ඉදිරියට පෙරහැරවල්වලට අලි ඇතුන් ලබා දීමට හිමිකරුවන් බියක් දක්වන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් මේ සදහා වගකිවයුතු පිරිස් වහාම තීන්දු තීරණයන් ගත යුතු යැයිද මහාචාර්ය අශෝක දංගොල්ල පවසා සිටියි.